Pages

Wednesday, August 28, 2019

සත්‍ය සහ විශ්වාසය අතර බැදීම


ගෝඨා සියලු අවලාද වල මුල් සිදී, ඇමරිකානු පුරවැසි බව අත්හල සත්‍ය ලියවිලි මැකෝ අතට


මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක සමාජිකත්වයක්  ලබා නොගෙන ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට ‍ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ  ජනාධිපති අපේක්ෂකයා  ලෙස නම් කර ඇත.
එසේ වුවත් ‍  ඔහු සැබැවින්ම නිර්පාක්සිකයෙකි.ඔහු කිසිදු පක්ෂයකට අයිති නැත. එසේ වීමට හේතුව පුලුල් සන්ධානයක එකතුවත් ලෙසින් ඔහු ඉදිරිපත් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති හෙයිනි. එමෙන්ම ඔහු දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට මේ වන තෙක් මැදිහත් වී ඇති අතර ඉදිරියේ දී ද එසේ නොකරනු ඇත. මෙය ඉදිරියේ දී  බොහෝ සාර්ථක දේශපාලන උපක්‍රමයක් විය හැකි බව පෙනෙන්නට තිබේ. 
කෙසේ වුවත් ඊයේ දිනයේ දී අගෝ (27) තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ නිල ලේඛනවල මුල් පිටපත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
ඒ මහතා  මෙම ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමට නොහැකි වී ඇතැයි එල්ලවන චෝදනා හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිල ලේඛන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර සැබෑ තත්වය පැහැදිලි කරගැනීම මෙම හමුවේ මුලික අරමුණවී ඇතැයි  සදහන් වේ.

Tuesday, August 27, 2019

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 අප්‍රේල් දක්වා ඇදෙන බවට ඉගි

    ජනාධිපතිවරණය නොවැම්බර්-දෙසැම්බරයේ අතර කාලයේ දී පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  මාධ්‍යට සදහන් කර ඇතැයි වාර්තා වේ.
     ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවට තොරතුරු වාර්තා වේ.
 කරුනු එසේ සිදු වුවහොත් ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත.එසේ වුවහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරිමේ බලය ද ලැබෙනු ඇත.එවිට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බව මෙමගින් අනාවරණය වේ.
             සිය ධුර කාළය වසර 06 ක් ද 05 ක් ද යන්න පිලිබද  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා. 
       ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.
      මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිටද? යන්නය.ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? මෙය ඉදිරියේ දී බොහෝ විට සිදුවිය හැති අලුත්ම තත්වයක් බව දේශපාලන ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වේ.
wcenews

Monday, August 26, 2019

ඇමසන් වනයේ කදුලු කතාව


කිසිම පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට පැහැදිලි ජන රැල්ලක් නිර්මාණය නොවීමේ ප්‍රවණතාවයක් අති වන්න‍ේ ඇයි?



මේ ගෙවෙන්නේ දේශපාලන සංක්‍රන්තික සමයකි. පෙර කාල වකවානු හා සමගාමීව සිතා බලද්දි ඉදිරියට   පැමිනෙන්නේ අතිශය තීරණාත්මක  සහ සංවේදී කාල පරිචාච්දයකි.එසේ  කියනුයේ  මෑත අතීතයේ  ශ්‍රි ලංකා‍වේ දේශපාලන සංස්කෘතියේ උච්චාවචනයන් පිලිබද අධ්‍යනයකින් පසුවය. 2020 ජනාධිපතිවරණය යනු, 2015 හෝ 2010 මෙන්ම 2005 මැතිවරණය ද නොවන්නේය.
එසේ කියනුයේ වර්තමාණයේ පවතින සමාජ චින්තවා මෙන්ම ආර්ථික දේශපාලන, සංස්කෘතික වටපිටාවන් සැලකිල්ලට ගෙනය. විශේෂයෙන් මැත ඉතිහාසය තුල  ශ්‍රි ලංකාවේ මුස්ලිම් මුලධර්වාදයේ ව්‍යාප්තිය පිලිබද අභ්‍යන්තරයේ තොරතුරු තිබුනත් එය එලිපිට දැකිය නොහැකි විය.  එය වසා දේශපාලනය කිරීමට දේශපාලකයින්ට හැකි විය. කෙසේ වුවත් අප්‍රේල් 21 සිද්ධියෙන් පසු මේ වන විට මේ ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම නිරාවරණය වී ඇත්තතේය.
එහිදී සාම්ප්‍රදයික සිංහල සමාජයේ බුද්ධිමත් බහුතර මධ්‍යස්ථ  මතධාරී ද  ග්‍රාමීය ජනතාවද මේ කාරණයේ දී පැහැදිවම තැතිගත් සැකමුසු අදහසකින් සිටින්නේය.ඔවුන් මේ වැරුද්ද සම්පුර්නයෙන්ම දේශපාලන අධිකාරිය වෙත බැර කර ඇත. එ අනුව  සාධාරණ සැකයකින් තොරව සමස්ත  මුස්ලිම් ප්‍රජාව දෙසම බලනුවේ අන්තවාදීය යන ආකල්පයෙන්ය. මේ කාරණය  තේරුම් ගෙන බොහෝ සීරු මාරුවෙන් දේශපාලන ය කිරීමට ඉදිරියේ දී දේශපාලකයින්ට සිදුවනු ඇත. මන්ද තවමත් මේ රටේ බහුතරය සිංහල වන හෙයිනි.කෙසේ වුවත් මේ තත්වය මේ වන තෙක් මේරටේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් කිසිවෙකු තේරුම් ගෙන නැත.

එහෙයින්ම මේවන විට තවමත් ඉදිරි ජනාධිපතිවරණය පිලිබද ප්‍රධාන පක්ෂ විසින් සිදුකරන්න‍ා වූ ප්‍රචාරණයන්ගෙන් ජනතාව අතර උද්යෝගයක් ඇති කිරීමට හැකියාව ලැබී නැත. මේ සදහා හේතු රාශියක් ඇත. මේ හේතුන් දේශපාලන ව්‍යාපෘති දියත් කරන්නාවුන් හොදින් දකී. එහෙත් නොදන්නා පරිදි ජනතාවට අමතක වී ඇතැයි සිතා සුපුරුදු පරිදි හැසිරේ.

Saturday, August 24, 2019

රාජකාරිය සැබැවින්ම දේවකාරියකි


මේ වෙනස් විදිහට සිතන, වටිනා මිනිසුන්ගේ හැටි

සමාන්‍යයෙන් යුධ හමුදාපති වරයෙකුගේ තනතුරට පත් වූ පසු ප්‍රතම රාජකාරිය ලෙස රාජ්‍ය නායකයින් මුනගැසීම සාමාන්‍ය සිද්ධියකි.එහෙත් නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා  මහතා  ඊට වෙනස් අකාරයේ ක්‍රියාවක මුලින්ම නිරත වී ඇත. එයයි මෙහි විශේෂත්වය.
 තමන් සමග එදා යුධ භුමියේ උරෙන් උර ගැටී ත්‍රස්තවාදීන්ට නොබියව මුහුණ දී අද දවසේ අබාධිත තත්වයේ පසුවන තම සහෝදර සෙබලුන්ගේ සුවදුක් විමසීම තම ප්‍රතම රාජකාරිය කරගන්නේ  මනුස්සකම, මුල අමතක නොකරන කලගුණ දන්නා මිනිසෙකු ලෙසින්ය.

මේ ලක් පොළොව මත ජීවත්වන සිංහල,දෙමළ ,මුස්ලිම් සියලු දෙනාට නිදහසේ හුස්ම ගන්නේ ඔබේ පරපුරේ මිනිසුන් කල කැපවීම මිනිසුන්ය අමතක නැත. 

Friday, August 23, 2019

රනිල් - සජිත් ගල උඩ සටන එළිපිටම - ජය -පරාජය ආසන්නයේ


ඊයේ දිනයේ අගෝ (23) සජිත් වෙනුවෙන් මංගල සමරවීරගේ  නායකත්වයෙන් පැවැති දෙවන රැලිය අති සාර්ථන බව බැලු බැල්මටම පෙනෙන්නට තිබේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බල කනු දෙකක් වන හරින් සහ මංගල, සජිත් සමග එකට සිටගෙන සිටින්නේ කිසියම් හෝ ජයග්‍රහණයක සේයාවක් හෝ දැනගෙන බව විශ්වාස කල හැකිය. 
 කෙසේ වුවත් මේ වන  විට රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා  සුපුරුදු පරිදි සිය උපාය උපක්‍රම භාවිතා කරමින් යටි බිම්ගත විප්ලවයක් ආරම්භ කර ඇත.
 එහෙත් එය ‍ මේ පවතින තත්වය අනුව  කෙතරම් කාලයන් අල්ලාගෙන සිටිය හැකි දැයි සැකයක් පවති. අනෙක් අතට මේ අකාරයට මහජනතාව තුලප්පු කර කොටස් දෙකකට බෙදී අවසානයේ සියල්ල එක් වී එක ගමනක් යාමට ද හැකියාව ඇත.  මන්ද යත් රනිල් වික්‍රමසිංහ යනු එවැනි පුද්ගලයෙකි. ඔහු උපාය උපක්‍රම තෝරන්නේ ඉහල මානසිකත්වයකින්ය. එ ඔහුගේ ස්භාවයයි. ඔහුට ගැලරියේ ආකර්ෂණය නැත. එහෙත් උපායශීලි බුද්ධිමතෙකි. නිදහස් මතධාරින් ලෙස අපට එසේ කීමට අයිතියක් ඇත. අප කිසි දිනෙක කිසියම් හෝ පක්ෂ දේශපාලන මඩගොහුරක බැස නැත. ඉදිරියටත් එසේය. එහෙයින් අප ලියන කියන මතවාද හෝ පෙන්වා දීම් කිසිවෙකුට  කඩේ යාමක් නොවන්නේය.

 කෙසේ වුවත්  අවසන් මොහොතේ අමුතුම අකාරයේ මැජික් එකක් ඉදිරියට දමා පාක්ෂිකයින් උද්දීපනය කර විපක්ෂයේ කොටස් ආත භුත කර මේ දෙන්නා එක් වීමට ද  ඉඩ තිබේ. තම අපේක්ෂකත්වය දෙවතාවක්ම පක්ෂයෙන් පිය අයට ලබා දුන් රනිල්ට මෙය සජිත්ට පැවැරීම එතරම් අමාරු නැත. එය උෘව පලාත් සභාව පැවති සමයේ ද සිදුවිය. මහින්දගේ ආණ්ඩුවට මරාන්තික ප්‍රහාරය එල්ල කල අවස්තාවේ දී ද මෙවැනිම අකාරයේ වැඩපිලිවෙලක් දියත් විය. කෙසේ වුවත් සත්‍ය වශයෙන්ම රනිල් සජිත් විරසකයක් පවතී . එය ව්‍යජයක් නොවේ එහෙත් එය දේශපාලනයේ දී පමණි. කෙසේ වුවත් මේ මොහොතේ මාධ්‍ය මෙන්ම බලා සිටින්නන් ද ඇන් දී ඇතැයි සිතිය හැක.

පලාත් සභා ජනාධිපතිවරණයට පෙර නොපැවැත්වෙයි, ජනධිපතිවරණය නොවැ 19-30 අතර


ජනාධිපතිවරණයට පෙර පලාත් සභා චන්දය පැවැත්විය හැකිදැයි  ජනාධිපතිවරයා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසිමක් කරන ලදී'

 එ අනුව එම තීන්දුව රාහ්‍යය අකාරයට ජනාධිපතිවරයා වෙත ඊයේ (23 )දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යවා ඇත.

මේ වන විට මෙම  තොරතුරු මාධ්‍ය විසින්  අනාවරනය කරන අකාරය අනුව සිතිය හැක්කේ  ප්‍රතමයෙන් පලාත් සභා ‍නොපැවැත්වෙන බවයි.
විශේෂයෙන්ම පලාත්  සභා වල සීමා නිර්න කටයුතු තවමත් අවසන් වී නොමැති තත්වයක් තුල එය පැරනි ක්‍රමයට පැවැත් විය  නොහැකි බව මෙහිදි පෙන්වා දි  ඇති බව විශ්වාස කල හැකිය.

මෙම ගැටලුකාරී තත්වය මත පවතින නිතිමය බාධාවන් හේතුවෙන් මේ මොහොතේ   පලාත්  සභා පැවැත්වීම ජනාධිපතිවරයාගේ බලතල අනුව සිදුකල නොහැකි බව මෙහිදී පෙන්වා දී ඇතැයි සිතිය හැක.

එ අනුව  පලමුව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.ඒ නොවැ 19 - 30 අතර කාලයේ දීය.

කාටද වැරදුනේ රටත් ජනතාවත් රවටන මුස්ලිම් දේශපාලනය (ඉල්ලා අස් වූ සියලු මුස්ලිම් මන්ත්‍රීන්ට යලි ඇමති ධුර)


කුමන  අකාරයේ තර්ක ඉදිරිපත් කලත් කිසියම්  දවසක මේ රට  මුස්ලිම් ආක්‍රමණයකට ගොදුරු වී ඔවුන්ගේ පාලනයක් ඇති වුවහොත් එදාට සිංහලයින් හෝ  ‍බෙෘද්ධයින් වෙනුවෙන්  හඩ  නගන එක මුස්ලිම් ආගමිකයෙකු සොයාගක නොහැක.මේ සටහන කිසිසේත්ම ජාතිවාදී අර්ථයකින් නොවේ.
එහෙත් අනතුර වසන් කල  නොහැක. මේ සියල්ල  උපාය උපක්‍රම වැරදුනු තැන  සමාව ඉල්ලා  අමතක කර දමන ලෙස කරන්නා වූ අයාචනයකි.
මේවන විට මුස්ලිම් ජාතිකයින්  මෙන්ම ඔවුන්ගේ නියෝජිත මන්ත්‍රිවරු හැසිරෙන්නේ කිසිදෙයක් සිදුනොවුවා ලෙසින්ය.එ ඔවුගේ ක්‍රමවේදය බව සියල්ලන්ටම අව‍බෝද  වේත්වා!
 මේ වන විට රටට සහ ජාතියට අභියෝග කල හැක්ක‍ේ  කෙසේ ද යන්න රැ දවල් දෙකේම  ඔවුන් කල්පනා කරන්නනේය.  මේ සියල්ල කාලයෙන් මැකී  ගියත් අනතුර පහව ගොස්  නැත. දේශපාලන ගේම් වලින්  කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන නායකයින්ට මේ පසුපස තිබෙන අනතුර  නොපෙනෙන්නේය. එය දැනෙන්නේ  ඇතින් සිය මේ ක්‍රියාවලින් ලෙස නිරීක්ෂණය කරන්නන්ට පමණි.
පාස්කු සිද්ධියෙන් පසු මුස්ලිම් ආගමිකයින් සමාව ගැනිම, බැනර් දැමීම, දුටු තැත සමාව ඉල්ලිම, ඇමතිවරු ඉල්ලා අස්වීම, මෙකී නොකී කාරනා කෙතරම් සිදු වුවා ද  හොදින් සිතන්න.
 ඒ මේ අයගේ ස්භාවයයි. එලිපිට සටනට එන නිරිභිත ජාතියක් නොවේ . එසේ වීමට හේතු තිබේ.
 මේ එවැනි කූඨ උපක්‍රමයන්හී තවත් එක් සන්ධිස්ථානයකි.යලි දේශපාලන බලය, ඉදිරි මැතිවරණ සමයේ කෙසේ හෝ ලබාගත්තා, කාරණය එපමනයි. මේ තුල දේශපාලන උපාය උපක්‍රම තිබේ. එහෙත් එවායින් පැහැදිලි අවාසියක් සිදුවන්නේ රටට සහ ජාතියට පමණි.

ඌව ප්‍රධාන ඇමති හෙට (අගෝ 24) බදුල්ලේ ඔරලෝස්සු කනුව අසලදී ඔලුවෙන් හිට ගනී ද?


“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසුකණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා අද අගෝ (23) දින පළාත් සභාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි ප්‍රකාශ කර ඇත.
“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවැනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.
එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.
අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.
ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න  බලාගෙන ඉන්නවා” 
 දේශපාලකයින්ගේ මෙවැනි කතා තුල ඔවුන්ගේ දැනුමේ සහ අවබෝධයේ තරම මැනවින් පෙන්නුම් කරන්නා වූ හෝද අවස්තාවකි. අපේ රටේ  දියුණුවට නිවැරදි තීන්දු තීරණ ගැනිමට නම් දේශපාලකයින් ඔලුවෙන් හිටාගෙන හෝ  නිවැරදි විය යුතුය.  
wcenews

Thursday, August 22, 2019

නූතන කාය ශක්තියේ බලය


පාඨලීගේ කේවල් කිරීම මත, එක්සත් ජාතික පක්ෂයේ අසරණකම


අලූත් සන්ධානයක්, නව නායකත්ව මණ්ඩලයක් සමග රටට අලූත් වැඩපිලිවෙලක් වහාම අවශ්‍ය බව ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.
එ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳව පුළුල් ජාතික සන්ධානයක් බිහිකිරීම සඳහා මේ වන විට ඇතිකරගෙන ඇති එකඟතාවයන් පිළිබඳවත්, රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දක්වා ඇති චම්පික රණවක ඇමතිවරයා දීර්ග ලෙස කරුණු කාරණා පැහැදිලි කර ඇත. එහිදි ඔහු පැහැදිලිවම සදහන් කල කරුනක් වුයේ එක්සත් ජාතික පක්ෂය සමගි වන්න‍ෙ ්නැතිනම්, තවදුරටත් බලා නොසික විකල්ප වෙත ගමන් කිරීමට සිදුවන බවයි. මෙයින් පැහැදිලි වන වන්නේ  සදාචාරාත්මක ලෙසින් පසුගිය වසර 4 ඇතුලත රනිල් සමග වැඩ කල හෙයින් ඔහුව අතහැර යාමට නොහැකි නමුත් එසේ දමා යාමට වුවද  බැරි කමක් නොමැති බවයි.
 කෙසේ වුවත් අලුතින් නිරිමාණය වන සන්ධානයක් වේ නම්, එහි මුලික භුමිකාවක් රනිල් වික්‍රමසිංහ මහතාට නොලැබෙනු ඇත.  මන්දයත් මේ මොහොතේ ඔහුව ඉදිරියට දමා දේශපාලන වෙළදපල් විකිණිය හැකි භාන්ඩයක් නොවන හෙයිනි. එහෙත් ඔහු යටතේ තවමත් පවතින එජාය තුල සැලකිය යුතු චන්ද පදනමක් ඇති හෙයින් එය අතහැර යාමට ද චම්පික රණවක අදිමදි කරන බවක් පෙනෙන්නට තිබේ .
 කෙසේ වුවත් කාලය දිනෙන් දින ගත වන අතර එමගින් බොහෝ දෙනෙකු දේශපාලක වේදිකාවෙන්  අතුගැවි යාමට ඔන්න මෙන්න කියා තිබේ. කෙසේ වවුත් පාඨලී තුල පවතින  ශක්තිය එතරම් හැල්ලුවෙන් තැකිය යුතු නැත.

Wednesday, August 21, 2019

මාර්ග තදබදය මගහැර කොළඹ නගරය තුල බෝට්ටුවෙන් යන්න

කොළඹ රථ වාහන තදබදය අවම කිරීමේ තවත් උත්සහයක් ලෙස මගී ප‍්‍රවාහන බෝට්ටු සේවයක් අද (22) සිට ආරම්භ කෙරේ . යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මෙම බෝට්ටු සේවය ක‍්‍රියාත්මක වනු ඇත.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරයි. මෙහිදී මගී ප‍්‍රවාහනය සඳහා වායු සමීකරණය කරන ලද බෝට්ටු යොදා ගැනේ. 
යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බස් රථයකින් ගමන් කිරීමට කාර්ය බහුල අවස්ථාවකදී විනාඩි 30ක් ගත වුවද,  බේරේ වැව ඔස්සේ බෝට්ටුවෙන් එම ගමන සඳහා ගතවන්නේ මිනිත්තු 10ක් පමණක් පමනි. 
ජනතාවගේ උනන්දුව මත ඉදිරියේ දී  තවත් බෝට්ටු යොදා මෙම වැඩපිලිවෙල ව්‍යාප්ත කිරීමට ද අදහස් කෙරේ.  ඒ අනුව මෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වාත්, මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත්, මට්ටක්කුලියේ සිට මීගමුව දක්වාත් මගී ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බව අදාල බලධාරින් පෙන්වා දෙයි.
wcenews

අදුරෙන් ආලෝකය වෙත ගමන් කරන මුස්ලිම් සමාජය (විවාහ හා දික්කසාද නීති සංශෝධනය කෙරේ)

අප්‍රේ 21 බෝම්බ සිද්ධියෙන් බහුතර  මිනිසුන් පිරිසක් මිය ගියේය.  එය සැබැවින්ම අපරාධයකි . එහෙත් බොහෝ වැරදීම් සිදු වී ඉන්පසුව එහි ප්‍රතිපලයක් ලෙසින් තවක් පිරිසකට යහපතක් සිදුවන්නේ නම්  එවැනි තත්වයන් තුල  ඇතිවන සුභදායි වටපිටව පිලිබද අප සතුටු විය යුතුය.

මුස්ලිම් සමාජය වූ කලී කවුරු කෙසේ කීවත්  කවුරුන් කතා නොකලත් මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරන්නා වූත් ගලා යන සමාජ ක්‍රමයට අනුව හැඩ නොගැසෙන්නා වූ  අන්තවාදී නොදියුනු  ආගමික මතවාදීමට ක්‍රියාදාමයකි. 
 මේ තත්වය ලෝකය පුරාම පවතී. නොදියුනු මිනිසුන්ගේ මානසිකත්වය ප්‍රයෝජනය ගෙන තවත් පිරිසක් ඉහල සමාජ ස්තරයේ වැජබීමටත්  ස්ත්‍රිය කුනුකොල්ලයට ගත හැකි ලාභ භාණ්ඩයක් ලෙසින් සලකන්නා වූ   සමාජ ක්‍රමයකි.
 මේ  තත්වය වෙනස් කිරීමට පිටතින් බලය යොදවනවා වෙනුවට දැන් සිදුවන්නේ ඔවුන්ගේ සමාජය විසින්ම එයට එරෙහිව නැගී සිටීමයි.
 මේවන විට  මුස්ලිම් සමාජය වෙනස් වීමේ ප්‍රවනතාවයක් ඉස්මත් වී එන්නේය. එහෙයින්ම  එම  සමාජය නියෝජනය කරන්නා වුන් විසින්ම එය වෙනස් කිරීම උදෙසා පියවර ගනිමින් සිටී.

 මේවන විට ශ්‍රි ලංකාවේ ද සිදුවෙමින් පවතින්නේ එයයි  මේ එහි තවත් සුභදායි ප්‍රතිපලයකි.

ශ්‍රි ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව මුස්ලිම් පුද්ගලයකුගේ විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 බවට පත් වනු ඇත.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ජනතාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ කි‍්‍රයාකාරීන්ගෙන් විවිධ අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අදාළ විධි විධාන ආදී මෙම පනතෙහි කරුණු සංශෝධනය කිරීමට නියමිතය.
wcenews

හූනෝ ලෙසින් නම් වූ වීරයෝ


සජිත් අගමැති ලෙස පත්කර ඉදිරි ජනාධිපතිවරණයට යාමට එජාප බහුතරය සහ ශ්‍රිලනිප පිරිසක් එක්වෙයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංච් මාර්ග සනාත කරයි.
මේ සදහා එක්සත් ජාතික පෙරමුණට සහය දෙන මන්ත්‍රී පිරිසගෙන් බහුතරය ද එක්සත් ජාතික පක්ෂයේ 90% මන්ත්‍රි පිරිසක් මෙන්ම ශ්‍රිලනිප මෛත්‍රි පාර්ෂවයේ මන්ත්‍රිවරු බහුතරයක් ද එකග වී ඇති බව වාර්තා වේ.
අවසාන විසදුම වශයෙන් ‍ මෙවැනි තීරණයක් ගතයුතු බව එක්සත් ජාතික පක්ෂයේ බහුතර පිරිසකගේ මතය වී ඇත්ත‍ේය.
 එසේ නොවුන හොත් පක්ෂය කොටස් දෙකකට බෙදී යාම  හරහා අවසානයේ  නියත පරාජයක් ලැබෙන බව ද බොහෝ පිරිසක් පෙන්වා දී ඇත. කෙසේ වුවත් මෙය ජනාධිපතිවරයාගේ  අවශ්‍යතාවයක් නොවේ. බහුතර මන්ත්‍රි පිරිසකගේ ලිඛිත කැමැත්ත මත මෙසේ සිදුකල හැකි බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

Monday, August 19, 2019

හිටපු ජනාධිපතිනියගේ මෙවර උත්සහය ද රාජපක්ෂවරු පන්නා දැමීමයි.

      ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට විනය  ක්‍රියාමාර්ග නොගෙන සිටියත් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂයේ නායකකම බාරගෙන ඇත. එහෙත් මහින්ද පාර්ලිමෙන්තුවට පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය.
 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රිවරු ද සෘජුව හෝ වක්‍රව මේ වන විට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇත.  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මරාගෙන පොහොට්ටුව ඉදිරියට පැමිනෙන්නේ මව් මරා උපන් කුමරා ලෙසින්ය.
 මහින්ද හැදී වැඩී ජනාධිපති තනතුර දක්වා ගමන් කර පසුව ඉනිමගට පයින් ගැසුවා සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පැත්තකට විසිකර තමන්ගේ පවුලේ පක්ෂයක් පිහිටුවාගෙන එ අනුසාරයෙන් පක්ෂිකයින්ද තම පැත්තට නැඹුරු කර ගෙන සිටී.මහින්ද ආකර්ෂනිය චරිතයක් බව සත්‍යකි. නමුත් මේ  සිදුවන ක්‍රියාකාරකම්  බැලු බැල්මටම සර්ව සාධාරණ නැත.

සෑබෑ විරුවෙකුට ලැබුණු කෘතගුණ


Previous News