Pages

Saturday, August 24, 2019

රාජකාරිය සැබැවින්ම දේවකාරියකි


මේ වෙනස් විදිහට සිතන, වටිනා මිනිසුන්ගේ හැටි

සමාන්‍යයෙන් යුධ හමුදාපති වරයෙකුගේ තනතුරට පත් වූ පසු ප්‍රතම රාජකාරිය ලෙස රාජ්‍ය නායකයින් මුනගැසීම සාමාන්‍ය සිද්ධියකි.එහෙත් නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා  මහතා  ඊට වෙනස් අකාරයේ ක්‍රියාවක මුලින්ම නිරත වී ඇත. එයයි මෙහි විශේෂත්වය.
 තමන් සමග එදා යුධ භුමියේ උරෙන් උර ගැටී ත්‍රස්තවාදීන්ට නොබියව මුහුණ දී අද දවසේ අබාධිත තත්වයේ පසුවන තම සහෝදර සෙබලුන්ගේ සුවදුක් විමසීම තම ප්‍රතම රාජකාරිය කරගන්නේ  මනුස්සකම, මුල අමතක නොකරන කලගුණ දන්නා මිනිසෙකු ලෙසින්ය.

මේ ලක් පොළොව මත ජීවත්වන සිංහල,දෙමළ ,මුස්ලිම් සියලු දෙනාට නිදහසේ හුස්ම ගන්නේ ඔබේ පරපුරේ මිනිසුන් කල කැපවීම මිනිසුන්ය අමතක නැත. 

Friday, August 23, 2019

රනිල් - සජිත් ගල උඩ සටන එළිපිටම - ජය -පරාජය ආසන්නයේ


ඊයේ දිනයේ අගෝ (23) සජිත් වෙනුවෙන් මංගල සමරවීරගේ  නායකත්වයෙන් පැවැති දෙවන රැලිය අති සාර්ථන බව බැලු බැල්මටම පෙනෙන්නට තිබේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බල කනු දෙකක් වන හරින් සහ මංගල, සජිත් සමග එකට සිටගෙන සිටින්නේ කිසියම් හෝ ජයග්‍රහණයක සේයාවක් හෝ දැනගෙන බව විශ්වාස කල හැකිය. 
 කෙසේ වුවත් මේ වන  විට රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා  සුපුරුදු පරිදි සිය උපාය උපක්‍රම භාවිතා කරමින් යටි බිම්ගත විප්ලවයක් ආරම්භ කර ඇත.
 එහෙත් එය ‍ මේ පවතින තත්වය අනුව  කෙතරම් කාලයන් අල්ලාගෙන සිටිය හැකි දැයි සැකයක් පවති. අනෙක් අතට මේ අකාරයට මහජනතාව තුලප්පු කර කොටස් දෙකකට බෙදී අවසානයේ සියල්ල එක් වී එක ගමනක් යාමට ද හැකියාව ඇත.  මන්ද යත් රනිල් වික්‍රමසිංහ යනු එවැනි පුද්ගලයෙකි. ඔහු උපාය උපක්‍රම තෝරන්නේ ඉහල මානසිකත්වයකින්ය. එ ඔහුගේ ස්භාවයයි. ඔහුට ගැලරියේ ආකර්ෂණය නැත. එහෙත් උපායශීලි බුද්ධිමතෙකි. නිදහස් මතධාරින් ලෙස අපට එසේ කීමට අයිතියක් ඇත. අප කිසි දිනෙක කිසියම් හෝ පක්ෂ දේශපාලන මඩගොහුරක බැස නැත. ඉදිරියටත් එසේය. එහෙයින් අප ලියන කියන මතවාද හෝ පෙන්වා දීම් කිසිවෙකුට  කඩේ යාමක් නොවන්නේය.

 කෙසේ වුවත්  අවසන් මොහොතේ අමුතුම අකාරයේ මැජික් එකක් ඉදිරියට දමා පාක්ෂිකයින් උද්දීපනය කර විපක්ෂයේ කොටස් ආත භුත කර මේ දෙන්නා එක් වීමට ද  ඉඩ තිබේ. තම අපේක්ෂකත්වය දෙවතාවක්ම පක්ෂයෙන් පිය අයට ලබා දුන් රනිල්ට මෙය සජිත්ට පැවැරීම එතරම් අමාරු නැත. එය උෘව පලාත් සභාව පැවති සමයේ ද සිදුවිය. මහින්දගේ ආණ්ඩුවට මරාන්තික ප්‍රහාරය එල්ල කල අවස්තාවේ දී ද මෙවැනිම අකාරයේ වැඩපිලිවෙලක් දියත් විය. කෙසේ වුවත් සත්‍ය වශයෙන්ම රනිල් සජිත් විරසකයක් පවතී . එය ව්‍යජයක් නොවේ එහෙත් එය දේශපාලනයේ දී පමණි. කෙසේ වුවත් මේ මොහොතේ මාධ්‍ය මෙන්ම බලා සිටින්නන් ද ඇන් දී ඇතැයි සිතිය හැක.

පලාත් සභා ජනාධිපතිවරණයට පෙර නොපැවැත්වෙයි, ජනධිපතිවරණය නොවැ 19-30 අතර


ජනාධිපතිවරණයට පෙර පලාත් සභා චන්දය පැවැත්විය හැකිදැයි  ජනාධිපතිවරයා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසිමක් කරන ලදී'

 එ අනුව එම තීන්දුව රාහ්‍යය අකාරයට ජනාධිපතිවරයා වෙත ඊයේ (23 )දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යවා ඇත.

මේ වන විට මෙම  තොරතුරු මාධ්‍ය විසින්  අනාවරනය කරන අකාරය අනුව සිතිය හැක්කේ  ප්‍රතමයෙන් පලාත් සභා ‍නොපැවැත්වෙන බවයි.
විශේෂයෙන්ම පලාත්  සභා වල සීමා නිර්න කටයුතු තවමත් අවසන් වී නොමැති තත්වයක් තුල එය පැරනි ක්‍රමයට පැවැත් විය  නොහැකි බව මෙහිදි පෙන්වා දි  ඇති බව විශ්වාස කල හැකිය.

මෙම ගැටලුකාරී තත්වය මත පවතින නිතිමය බාධාවන් හේතුවෙන් මේ මොහොතේ   පලාත්  සභා පැවැත්වීම ජනාධිපතිවරයාගේ බලතල අනුව සිදුකල නොහැකි බව මෙහිදී පෙන්වා දී ඇතැයි සිතිය හැක.

එ අනුව  පලමුව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.ඒ නොවැ 19 - 30 අතර කාලයේ දීය.

කාටද වැරදුනේ රටත් ජනතාවත් රවටන මුස්ලිම් දේශපාලනය (ඉල්ලා අස් වූ සියලු මුස්ලිම් මන්ත්‍රීන්ට යලි ඇමති ධුර)


කුමන  අකාරයේ තර්ක ඉදිරිපත් කලත් කිසියම්  දවසක මේ රට  මුස්ලිම් ආක්‍රමණයකට ගොදුරු වී ඔවුන්ගේ පාලනයක් ඇති වුවහොත් එදාට සිංහලයින් හෝ  ‍බෙෘද්ධයින් වෙනුවෙන්  හඩ  නගන එක මුස්ලිම් ආගමිකයෙකු සොයාගක නොහැක.මේ සටහන කිසිසේත්ම ජාතිවාදී අර්ථයකින් නොවේ.
එහෙත් අනතුර වසන් කල  නොහැක. මේ සියල්ල  උපාය උපක්‍රම වැරදුනු තැන  සමාව ඉල්ලා  අමතක කර දමන ලෙස කරන්නා වූ අයාචනයකි.
මේවන විට මුස්ලිම් ජාතිකයින්  මෙන්ම ඔවුන්ගේ නියෝජිත මන්ත්‍රිවරු හැසිරෙන්නේ කිසිදෙයක් සිදුනොවුවා ලෙසින්ය.එ ඔවුගේ ක්‍රමවේදය බව සියල්ලන්ටම අව‍බෝද  වේත්වා!
 මේ වන විට රටට සහ ජාතියට අභියෝග කල හැක්ක‍ේ  කෙසේ ද යන්න රැ දවල් දෙකේම  ඔවුන් කල්පනා කරන්නනේය.  මේ සියල්ල කාලයෙන් මැකී  ගියත් අනතුර පහව ගොස්  නැත. දේශපාලන ගේම් වලින්  කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන නායකයින්ට මේ පසුපස තිබෙන අනතුර  නොපෙනෙන්නේය. එය දැනෙන්නේ  ඇතින් සිය මේ ක්‍රියාවලින් ලෙස නිරීක්ෂණය කරන්නන්ට පමණි.
පාස්කු සිද්ධියෙන් පසු මුස්ලිම් ආගමිකයින් සමාව ගැනිම, බැනර් දැමීම, දුටු තැත සමාව ඉල්ලිම, ඇමතිවරු ඉල්ලා අස්වීම, මෙකී නොකී කාරනා කෙතරම් සිදු වුවා ද  හොදින් සිතන්න.
 ඒ මේ අයගේ ස්භාවයයි. එලිපිට සටනට එන නිරිභිත ජාතියක් නොවේ . එසේ වීමට හේතු තිබේ.
 මේ එවැනි කූඨ උපක්‍රමයන්හී තවත් එක් සන්ධිස්ථානයකි.යලි දේශපාලන බලය, ඉදිරි මැතිවරණ සමයේ කෙසේ හෝ ලබාගත්තා, කාරණය එපමනයි. මේ තුල දේශපාලන උපාය උපක්‍රම තිබේ. එහෙත් එවායින් පැහැදිලි අවාසියක් සිදුවන්නේ රටට සහ ජාතියට පමණි.

Previous News