වර්තමානය වන විට බුද්ධ දර්ශනය මත පදනම්ව බෞද්ධ ඉගැන්වීම් අනුව සිය ජීවිතය සකස්කර ගැනීම උත්සාහ කරන පිරිස් ලෝක ජනගහණයේ අල්ප වී ඇත.විශේෂයෙන්ම එය බුද්ධිමතුන් යැයි අර්ථ කථනය කළ හැකි පිරිස් වෙත සීමා වෙමින් පවති.මෙයට හේතුව මෙහි සැබෑ හරය අතිශයින්ම දුෂ්කර මෙන්ම තේරුම් ගැනීමේ අපහසුකම විය හැක.
(උපුටා ගැණිම චමින්ද ප්‍රිති කුමාර - විසින් රචිත සංසාරයේ කෙලවර නිවීමයි, කෘතියෙනි)
කෙසේ වුවත් ලෝක ජනගහණයෙන් 80% ආසන්න පිරිසක් නිර්මාණවාදී ආගමික විශ්වාස මත පදනම්ව ජීවත් වෙති. පෘතුවිය ආශ්‍රය කර ගනිමින් ජීවත්වන මිනිසා සිය ජීවන පැවැත්ම පවත්වාගෙන යෑම සදහා විශ්වාස මත පදනම්ව ඒ ඔස්සේ මනස මෙහෙයවමින් සිය ජීවය තවකෙකෙුගේ හැසිරවීම අශ්‍රයෙන් ගමන් කරවීමට පුරුදුව සිටි.
විශේෂයෙන්ම දේව සංකල්පය මත නොපෙනන දෙවියකුගේ දේව අණට සිය ජීවන පැවැත්ම සකස් කර ගෙන හෝ ඒ අනුසාරයෙන් ගත කිරීම මෙහි මුලික සැකැස්ම වී ඇත්තේය. විශේෂයෙන්ම ඉන්දියවේ බිහි වී ඇති හින්දු ආගමික මුලාශ්‍ර අශ්‍රයෙන් බිහි වී ඇති ඊශ්වර නිර්මාණවාදය ආශ්‍රයෙන් පැවැතෙමින් පැමිනෙන දේව සංකල්පය මීට අවුරුදු 2500 ක කාලයකටත් පෙර සිටම පැවත එමින් පවතී. එමෙන්ම පසු කාලීනව කතෝලික ක්‍රිස්තියානි මෙන්ම මුස්ලිම් ආගමික මතවාදයන් ද පදනම් වී ඇත්තේ නිර්මාණවාදයටයි.
කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය ඇසුරින් පදනම සකස් වී ඇති බුදු දහම තුළ මෙම නිර්මාණවාදයට කිසිදු ඉඩක් නැත. ඒ අනුව බුදු දහම නිර්මාණවාදය තුළ මුලික හරය ලෙස සැකසෙන මහා දේවවාදය හෙවත් සර්වබලධාරී දෙවියා හා බැදී පවත්නා නිර්මාතෘ සංකල්ප දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
බුදුදහම මේ සියල්ල තර්කානුකූලව විද්‍යාත්මක පදනමක සිට සිය යථාර්ථවාදි හේතුඵල සම්බන්ධය මත විග්‍රහ කරයි. ඒ අනුව විශ්වයේ පවතින සෑම සියථ දේටම සංස්කාර වශයෙන් ගත් කළ එහි පැවැත්මක් සහ හටගැන්ම සහ එහි අවසානයත් මේ යථාර්ථවාදී හේතුඵල සම්බන්ධය අනුවම සිදුවන බව විග්‍රහ කරයි. එක් ආකාරයකට එය තරමක දෙවදෑරුම් දාර්ශනික පදනමක් සහිත විග්‍රහයකි.
එබැවින්ම සාමාන්‍ය පෘත්ජන පුද්ගලයින්ට බැලු බැල්මට මේ තත්වය තේරුම් ගැනීමට අපහසු වී තිබේ.එහෙයින් වර්තමානය වන විට බොහෝ බෞද්ධයින් අක්‍රමවත් නිර්මාණවාදී වැදුම් පිදුම් වත් පිළිවෙත් සහිත ඇදහිල්ලකට මේ වටිනා දාර්ශනික පදනමක් සහිත බුදුන්ගේ දේශනා ආශ්‍රිතව ගෙන හැර දක්වමින් අර්ථකථනය කරමින් සිටි.
කෙසේ වුවත් මෙයින් සමස්ත සමාජයට හෝ එහි වාසය කරන්නා වු පුද්ගලයින්ට යහපතක් සිදුනොවෙන බව පෙන්වා දිය යුතුය.එක් පුද්ගලයෙකු සදාකාලයටම සර්වබලධාරී වීමෙන්ද ඔහුව අනුගමනය කරන්නා වු සෙස්සෝ ද සදා කාලයටම අදහන්නන්වීම තුළ ද මෙහි සමබර තාවයක් නොමැති බව පෙනෙන්නට තිබේ.
එහෙත් බුද්ධ දර්ශනය බෞද්ධ ඉගැන්වීම් තුළ මෙම තත්වය දැකිය නොහැක. ඒ අනුව බෞද්ධ ඉගැන්වීම් අනුව සර්වබලධාරී ලෝකෝත්තර උත්තරීත යැයි හිස මුදුණින් පිළිගත යුතු කිසිදු සත්වයෙකු මේ මිහිපිට විශ්වය තුළ පහළ විය නොහැක. යන්න සැබෑ ලෙසින්ම බුදුන් වහන්සේ සිය දේශනා මගින් ගෙන හැර දක්වා ඇත.
එසේ සුවිශේෂී තත්වයක් මත කිසිවකු මේ විශ්වය තුළ පහළ වන්නේ නම් එසේ යමෙක් මෙම ක්‍රියාවලිය තුළ ඉහළම තැනට පත්වෙයි. සර්ව බලධාරීත්වයට පත් වුයේ නම් එසේ වු මාර්ගයක් හෙවත් ප්‍රතිපදාවක් පැවතිය යුතුය. එසේ නම් එම තත්වයට පත්වීමට අනෙක් සත්වයින්ට ද සම අවස්ථාව හිමි විය යුතුය. එසේ නොවී එය එක් පිරිසකට පමණක් සීමා වී තිබෙන්නේ නම් එහි සමබර බවක් නොමැත.
ඒ අනුව එසේ සමබරතාවයක් නොපවතින තත්වයක් තුළ මේ ක්‍රියාවලියේ පැවැත්ම අසමබර වී විනාශ වනු ඇත.එහෙත් එය එසේ නොවන්නේ එහි යම්කිසි සමමිතික බවක් ප්‍රතිපදාවක් හෙවත් ක්‍රියාපිළිවෙතක් ඇති නිසාය.
මේ ක්‍රියාපිළිවෙත නිවැරදිව හදුනාගැනීමට නම් පවතින යම් ස්භාවයන් පිළිබද ගැඹුරු අධ්‍යයනයකින් ඒ පිලිබද හැදෑරීමකින් පූර්ණත්වයකට පත් විය යුතුය. මෙහිදී බුදු දහම, බුද්ධ දර්ශනය තුල එහි ශ්‍රේෂ්ඨතම තත්වය වන බුද්ධත්වය පිළිබදව දක්වා ඇත්තේ මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාවලියයි. ඒ අනුව ගෞතම බුදුන් වහන්සේ ද බුද්ධත්වයට පත් වුවා සේම එම තත්වයට පත් වීමට ඒ මාර්ගය අනුගමනය කරන්නා වු සකල සියථ දෙනාටම හැකිය යන්න පෙන්වා දී ඇත.
එහෙයින්ම අතීතය ද එවැනිම බුදුවරුන් පහළ වී ඇති සේම අනාගතයේදී එවැන්නන් පහළවනු ඇත. ඔවුන්ගේ රාජකාරිය වන්නේ මේ යථාවාදී තථාගාමී ස්වභාවය යම් කාලයකදී ජනතාව සදහා හෙළි පෙහෙළි කර එහි යථාතත්වය පැහැදිලි කර දීමයි.බුදු දහමේ ඉගැන්වෙන මුලික හරය එයයි.
කෙසේ වුවත් නිර්මාණවාදී ආගම් තුල මෙම තත්වය පැහැදිලි කරන්නේ නැත.එබැවින් මේ සියල්ල බුදු දහමේ උගන්වන ත්‍රිලක්ෂණ සිද්ධාන්තය හා පුනර්භවය සමග බැදි පවතින්නා වු කර්මය මෙහි මුලික ඉගැන්වීම් වල පදනම වන්නේය.
බුදු දහම ලෝකයේ යථා ස්භාවය පැහැදිලි කරන්නේ ත්‍රිලක්ෂණ සිද්ධාන්ත හරහාය.එය අප හදුන්වන්නේ අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යනුවෙනි. සජීවි විශ්වය පුරාම ක්‍රියාත්මක වන සෑම සියථ දේම ජීවි අජීවි සියල්ලන්ගේම පැවැත්ම මේ ස්වරූප තුන මුල් කරගෙන ක්‍රියාවට නැන්වෙන බව බුදු දහම පෙන්වා දෙයි. එය විශේෂයෙන් පෘතුවිය තුළ වෙනත් කිසිදු නිර්මාණවාදී ආගමික මතවාදයන් තුළ පෙන්වා නොදෙන කාරණයකි. ඒ අනුව මේ ක්‍රියාවලිය තුළ කවරදාක හෝ කවර ආකාරයක හෝ යම් දෙයක් හට ගන්නේ ද එසේ නොමැති කළ පහළ වුයේ ද පහළ කළේ ද ඒ සියල්ල ත්‍රිලක්ෂණය නම් වෙනස්වීමයි.
මෙය පාලියේ දක්වා ඇත්තේ මේ අයුරින්ය :
(උප්පාද්‍රේපදේඥයති ව්‍යයාඤඥයතිධිතස්ස අඤ්ඤතත්ත, පඤ්ඤයති) යනුවෙනි මෙය අවස්ථා තුනකට බෙදා දක්වා ඇත.
සත්වයා තුල සිය සන්තානයේ ජනිත වන්නේ මේ අනත්‍ය ලක්ෂ නිසා බව බුදු දහම පෙන්වා දෙයි. මේවන විට බුදුන් වහන්සේ මෙය පවසා අවුරුදු 2500 ක් ගත වී ඇත. ලෝකය අතිශයින්ම භෞතික වශයෙන් දියුණු වී මිනිසාගේ ක්‍රියාකාරකම් පෙර නොවු විරු ලෙස වෙනස් වී ඔහු සැබෑ බුද්ධිමතෙකු ලෙසින් ලෝකයේ ඉදිරි පැවැත්ම සහ ස්ථාවරත්වය වෙනුවෙන් බොහෝ දේ කරයි. එහෙත් මේවන තෙක් එදා බුදුන්වහන්සේ පෙන්වා දුන් මේ සත්‍යයට අභියෝග කළ නොහැකි වී ඇතිවක් සේම අල්පමාත්‍රයකින් එය අභිබවා යාමට පුථවන්කමක් ලැබි නොමැත්තේය.
(ය දනීච්චං තං අනිත්‍ය) මෙසේ අනිත්‍ය වුවද එහෙයිනම දුක් සහිත වුවද මේ සංස්කාරයන් අතර මමය කියා හෝ මාගේ කියා හෝ (අන්තේනවා- අන්තනීයොනච) ගතයුතු හෝ තහවුරු කරගත යුතු කිසිවක් නොමැත. අනාත්ම යනු මෙයයි. එහෙයින් සර්වබලධාරියෙක් හෝ සුවිශේෂී ස්ථිර පැවැත්මකින් විශ්වාස කළ හැකි කිසිවක් මේ මිහිපිට නොමැති බව බුදු දහම තුළ පෙන්වා දී ඇත.
අනන්ත අප්‍රමාණ මේ විශ්වය තුළ එවැනි තත්වයකට හෝ පැවැත්මක් තහවුරු වී ඇතිනම් ඒ සියල්ල බුද දහම තුළ පෙන්වා දෙන මේ ත්‍රිලක්ෂණය හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තත්වයට පත් විය යුතුය.ඒ අනුව නිර්මාණවාදී ආගම්වල පෙන්වා දෙන අජරඅමර තත්වයට මේ මිහිපිට කිසියම් හෝ තැනක තහවුරු වීමක් විය නොහැක.
එමෙන්ම බුදුදහම පුනර්භවය පිලිබද සදහන් කරයි. යමක් හට ගන්නේ එයින් තවත් යමක් හට ගැනුන ද මුල් අවස්ථාව හා පසු අවස්ථාව එකක් විය නොහැක.
ලෝකය තුළ සදාකාලික කිසිවක් නොමැති අතර එහි සදාකාලික හේතු ප්‍රත්‍ය ධර්මයන්ට යමක් නොවන කිසිවක් නොමැත්තේය. මෙම ගමන් කරන ක්‍රියාවලිය සංසාර චක්‍රය ලෙස අර්ථ කථනය කරන්නේ නම් එහි අවසානය නිවීමයි.එය බුදු දහම තුළ නිවන ලෙස පෙන්වා දෙයි. (මොහොතක් පසා වෙනස් වන ) සියල්ල තවත් විටෙක විනාශ වන අතර එහි නැතිවීම ස්භාවයක් ලෙස දක්වයි මෙය (ඇතිවීම, නැතිවීම යනුවෙන් අප හදුනාගෙන ඇත)
ඒ අනුව මේ ඇතිවීම , නැතිවීමට සමස්තයම භාජනය වන හෙයින් ඒ තුළ මේ නිර්ණවාදී ආගමික සංකල්ප මෙන්ම එවාහි පවතින සර්වබලධාරී තත්වය ද සදාතනික ලෙස පිළිගෙන තිබෙන කරුණු ද මෙම ක්‍රියාවලියට හසුවෙයි. එහෙයින්ම නිවීමකින් තොරව පවතින තත්වය යටතේ මේ සියල්ල පුණර්භවය හෙවත් සංසාර චක්‍ර ක්‍රියාවලියට යටත් වෙයි. විශ්ණු, ශිව, අල්ලා හෝ යොහෝවා ආදී මිනිසුන්ගේ විශ්වාස මත පදනම්ව පවතින සියථම නිර්මාණවාදී ආගම් ද මේ ගණයට අයත් වන්නේය.
ඔවුන්ද මේ පුණර්භවය නියාමයන්ට යටත් වන හෙයින් ඒ සියල්ල සර්ව බලධාරීත්වයක් ලෙසින් සිදුකර ගැනීම නිවැරදි නොවන්නේය.
අනෙක් අතට බුදුදහමේ උගන්වන කර්මයට හේතුව හේතුවක් සහිතව හට ගැනීමක් වන අතර හේතු ඇති කිරීමෙන් කර්මය හෙවත් ක්‍රියාව සිදු නොවන්නේය. යන සිද්ධාන්තය තුළ ඊශ්වරවාදය මෙන්ම සර්ව බලධාරී දේව සංකල්පය ප්‍රතික්ෂේප වෙයි. ඒ අනුව සියථ සත්වයෝ කර්ම නියාමනයන්ට ගොදුරුවන තත්වයකින් සසර ගමනක නිරත වන බව පෙන්වා දී තිබේ.
පුද්ගලයෙකු විසින් මනස මුල් කරගනිමින් සිදුකරනු ලබන කර්මය හේතු කොට ගෙන ඔහු හා බැදී පවතින කුසලාකුසල කර්මයන්ගේ සියථ වගකීම ඔහු හා සමගාමීව බැදී පවතින බව පෙන්වා දෙයි. ඒ අනුව දේවත්වයේ ආරම්භය මෙන්ම එහි අවසානයට ද කර්මය මගින් සිදුවන බව පෙන්වා දෙයි.
දෙවියන් මෙන්ම සර්වබලධාරී සියථ ක්‍රියාකාරිකයින් විශ්වාසය තුල වසන සියල්ලෝ ද මෙම ඇති වී නැති වී යන ස්භාවික ක්‍රියාවලිය තුළ පවතින නීතියට යටත්වන බව බුදුදහම බොහෝ පැහැදිලිව මෙන්ම සරලව පෙන්වා දෙයි.
ඒ අනුව මෙහි සර්වබලධාරියෙකු හෝ අදෘෂ්‍යමාන ධර්ම කොටස් නොමැති අතර ඒවා පැමිණ විමසා නැන නුවනින් දකින්න යැයි කියමින්ම කෙනෙකුට බුදු දහම තුළ පවතින අතිශය ගැඹුරු එමෙන්ම තේරුම් ගත හැකි සරල තත්වය ද අවබෝධ කරගත හැකිවනු ඇත.
එමෙන්ම මේ කාරණා මත බුදුදහම සනාථන දෙවි කෙනෙකුගේ පැවැත්මක් ප්‍රතික්ෂේප කරමින් එය විවේචනයට ලක් කරමින් එහි ඉගැන්වෙන නිර්මාණවාදී අදහස් දැඩි සේ විවේචනයට ලක් වේ. මෙය බෞද්ධ සාහිත්‍ය තුළ එන චුල්ලධනුද්දර ජාතකය තුළින් ද එකළ බෞද්ධ දර්ශනය පිලිබදව මනා අවබෝධයක් සහිත නිර්මාණාත්මකව ගෙතුණු ජාතක කතාවල පවා පෙන්වා දී ඇත.
මෙහිදී පෙන්වා දෙන ආකාරයට ලෝකය මැව්වා යැයි විශ්වස කරන්නා වු මහා මැවීම්කරුවා හෙවත් සර්වබලධාරී දෙවියා මේ ලෝකය මැව්වා යැයි විශ්වාස කරන්නා වු මැවුම්වාදය හෙවත් සර්වබලධාරී දෙවියා මේ ලෝකය මෙසේ අසමබර අතාර්කික මායාවක් මෙන්ම මුසාවක් ලෙසින් අධාර්මික අයුරින් මැව්වේ මන්ද යන්න ප්‍රශ්ණ කරන්නේය.
මෙහිදි දැහැමි ධාර්මික අයුරින් සමබර ආකාරයෙන් ලෝකයේ පැවැත්ම මවා නොමැත්තේ මන්ද යන්න ප්‍රශ්ණ කිරීමට සිදුවන්නේය. එහෙයින්ම මේ සර්වබලධාරී යක්ෂයින් දුෂ්ඨ ලෝකයේ මැව්කරුවා හදුන්වා දී ඇත්තේ විනාශකාරී මිසදිටුවකු ලෙසින්ය. (ලෝක විනාසකෝ බොරෝ මඤ්ඤ )
මෙම තත්වය මත අප ජීවත්වන සමාජය අසමබර අයහපත් තැනක් ලෙසින් නිර්මාණය කළ මහා දෙවියා අකෘතඥ ප්‍රඥාවෙන් තොර අයෙක් ලෙසින් පෙන්වා දෙයි.
ඒ අනුව දීඝනිකායේ තෙවීජ්ජ සූත්‍රයේදී නිර්මාණවාදී ආගම් වල සිටින පුජකයින් කණවැල අල්ලාගෙන ගමන් කරන්න වු පිරිසක් ලෙසින් ද ලොව මැවු දෙවියා පසුපසින් ගමන් කරමින් ඔහු පෙන්වා දෙන රූපවල සුන්දරත්වය සොයායමින් නිරර්ථක උත්සාහයක නිරතවන පිරිසක් ලෙසින් හදුන්වයි.ඒ අනුව මෙම නිරර්ථක ඉගැන්වීම් පසුපස ගමන් කරන මිනිසා දුකින් නිදහස් කරනවා වෙනුවට මෙම විශ්වාස මත පදනම්ව සසර ගමන දික් කිරීම වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලි වන්නේය.
අංගුත්තර නිකායේ තීර්ථක සුත්‍රයේදී බුදුන් වහන්සේ මේ පිළිබද පෙන්වා දෙන්නේ මේ නිර්මාණවාදී දෙවියන් විසින් මිනිසුන්ගේ මනසට වැරදි චිත්‍රයක් පෙන්වා ඔහු මුලාවේ දමමින් අපේක්ෂිත තත්වයන් වෙනුවට වැරදි තොටුපළවල මිනිසුන් ගොඩබැස්ස වීමට පෙළඹ වී සිටින බවයි.
බුදුන්වහන්සේ ලොව පහළ වු යුගයේ මෙන්ම වර්තමාණයේ ද මෙම බමුණු පුජක සංස්කෘතිය ලොව පුරාම මිනිසුන්ගේ සෑම අවබෝධයකටම වස මිශ්‍ර කරමින් නිර්මාණවාදී ආගමික ඉගැන්විම් පතුර වන්නේය.
මෙසේ හෙයින් භාරතීය මිනිසාගේ මෙන්ම ලොව ජීවත්වන අනෙකුත් ප්‍රජාව හමුවේ මේ සාවද්‍ය සංකල්ප මුලින් උපුටා දමා නිදහස් චින්තනයකට මිනිස් සිත නැඹුරු කිරීම උදෙසා දැඩි ප්‍රයත්නයක යෙදීමට එදා බුදුන්ට සිදු විය. උන්වහන්සේ තම දේශනා තුළින් විශ්වයේ ඇති විෂම රහිත බව පැහැදිලි කරා සේම නිර්මාණවාදය පිළිගැනීම මෝඩකමක් ලෙසින් ද වදාලා ඇත්තේය.
(කෙවලෝ පරිප්‍රණනෝ බාල ධම්මෝ) එමෙන්ම මේ මතවාදයන් තුළ පවති දේවදුත සංකල්පය බුදු දහම ප්‍රතික්ෂේප කරයි. මේ තත්වය මත අද වර්තමානයේ ලෝකය පුරා බුද්ධිමතුන් යැයි සිතිය හැකි පුද්ගලයන් බුදු දහමේ සැබෑ හරය සහ එය ගොඩනැගී ඇති පසුබිම සොයා ආගමික මතවාදයන්ට සමගාමි නොවන බව තහවුරු කරමින් මේ වටිනා දර්ශනයේ අග්‍රහණය ලබා ගැනීමට යුහුසුථ වෙති. එහෙයින්ම ලෝක සුථතරයක් වු බුද්ධිමතුන් අතර අද වන විට බුදු දහම ජනප්‍රිය වෙමින් පවතී.
බුදුන් වහන්සේ කිසිවිටකත් තමන් වහන්සේ අති පූජනීය වන විශේෂ අරුම පුදුම තත්වයක් තුළ ජීවත්වන පුද්ගලයෙකු ලෙසින් පෙනී සිටින්ට හෝ ඒ ආකාරයෙන් ප්‍රකාශ කරන්නට හෝ උනන්දු නොවු උත්තමයෙකි. එබැවින්ම උන්වහන්සේ අති ශ්‍රේෂ්ඨ මිනිස් රත්නයකි. ස්භාවය තුළ පවතින සැබෑ සත්‍ය සිය නුවණීන් අවබෝධ කරගෙන ඒහි අග්‍රපලයක් ලෙසින් මුහුකුරා ගොස් දුෂ්කර වු තත්වයන්ට මුහුණ දෙමින් ප්‍රඥා සම්පන්නයෙන් යුක්තව ඥාණයේ අධිෂ්ඨාණශීලී උත්සාහයත් අප්‍රතිහර්ථ දෛර්්‍යයෙන් ලබාගත් ප්‍රතිඵලයක් ලෙසින් සත්‍ය අවබෝධය හෙවත් ලොව්තුරා සත්‍ය පිළිබද වැටහීම පෙන්වා දිය හැකිය.
මේ අවබෝධයට පත් වු උනවහන්සේ කිසිවකුගේ ශිෂ්‍යය හෝ ගැත්තෙකු නොවන්නේය. (නමේ ආචාරීගො අත්රේථි) එහෙයින්ම දෙවියන්ගේ අඩවිය ලෙස සැලකෙන ලෝකය තුළ උන්වහන්සේ අසමසම වෙති. (සදේව කස්මිං ලෝකස්මිං සදිසෝ මේ නට්ජ්ඡතී) මේ අනුව උන්වහන්සේ දෙවියන්ගේ පණිවිඩය ලොවට ගෙන ආ ධර්ම දුතයෙකු හෝ පණිවිඩකරුවෙකු නොවේ.ක්‍රිස්තුස්වහන්සේ හෝ මහම්මත් මෙන් මහා දෙවියාගේ පණිවිඩය ලොවට ගෙන ආ දේව දුතයෙකු නොවේ. පැවැත්ම හට ගැනීම එහි කෙළවර මෙන්ම එයින් ඉවත්වීමේ අවස්ථාව, මාර්ගය ද අවබෝධයෙන් දැකි අයෙකු ලෙසින් බුදුන්වහන්සේ විසින්ම තමන් වහන්සේව හදුන්වා දී ඇත.
එමෙන්ම ආගම් නිර්මාතෘවරයෙකු හෝ මේ ලොව නොපවතින පිටසක්වලින් මෙලොවට ගෙන ආ අමුතු දහමක් ආනයනය කළ අයෙකු ලෙසින් බුදුන් වහන්සේ හෝ උන්වහන්සේගේ විසින් දේශනා කරන ලද ධර්මය නොසැලකිය යුතුය. එය සැබැවින්ම පවතින තත්වය කාලයේ ඇවෑමෙන් වැලි තලාවෙන් වැසී ගිය ස්භාවික ලෝකයේ යථා ස්භාවයේ යලි අවදි කර ඒකාලෝක කර පෙන්වීමකි.
මෙය විවිධ යුගවල බිහිවන සුවිශේෂී පුද්ගලයින් ලෙසින් සැලකිව හැකි බුදුවරුන් විසින් පෙන්වා දෙන්නකි. මෙම තත්වය ලොව බුදුවරු පහළව වුවත් නොවුවත් පවතින තත්වයක් මීට වසර 2500 පෙර පහළ වු ගෙෘතම බුදුන්වහන්සේ සිදු කළේය. ඒ වැසී ගිය ලොව යථා ස්භාවය යලි අවධි කරමින් සකල මිනිස් සංහතියේම හිතසුව පිණිම අවබෝධය දීම සදහා වැදෑරීම පමණි.
තවද විශේෂයෙන් සදහන් කළ යුතු වන්නේ බුදුන්ගේ දර්ශනය තුළ සංඝයා බුදුන්ගේ ධර්මය මිනිසා වෙත සමීප කරන්නා වු අතරමැදි පුජක සංවිධානයක් නොවන්නේය. එය බුදුන්ගේ සමයේ සිට පැවත එන්නක් වන අතර වර්තමානයේ ද එම තත්වය වෙනස් වෙමින් සැබෑ ධර්ම කාරණා වැලලී යමින් බෞද්ධ පුජක පක්ෂය අතරමැදි පිරිසක් වී සෑබෑ ධර්ම කොටස් ඒ අයට ආවැසි ලෙසින් විග්‍රහ කරමින් මිනිස් ප්‍රජාවගේ සසර ගමන දිගු කිරීම සදහා ද පුජක පක්ෂයේ පැවැත්ම උදෙසා ද ක්‍රියාවේ යොදවයි.
ඒ අනුව වර්තමානයේ ලෝකය තුල මෙන්ම ශ්‍රී ලංකාවේ ආගමික නායකයින් අතරට බෞද්ධ භික්ෂුව ඇතුළත් කරමින් මේ අසමාන ලෙසින් සැලකීමට සිදු කරයි.ඒ අනුව සර්ව ආගමික සංකල්පය ව්‍යප්ත කරමින් එය සංස්කෘතික සංයෝජයේ කොටසක් ලෙසින් හුවා දැක්වීම සලස්වයි. එහිදී පුජ්‍ය යනුවෙන් ද නාහිමි මා හිමි නමින් ද නම් කරමින් භික්ෂුව ඇමතීමට පෙලඹවීම පෙනෙන්නට තිබේ. එහෙත් එය බටහිර නිර්මාණවාදී ආගම් සහ සංස්කෘතික න්‍යයයන්වල බෞද්ධ භික්ෂුව එල්ලීමට ගන්නා උත්සාහයක් ලෙසින් පෙන්වා දිය හැකිය.
බුදු දහමේ සදහන් වන්නේ පැවිදි පක්ෂය සහ ගිහි පක්ෂයයි. ඒ අනුව කිසියම් බෞද්ධ භික්ෂුවක් පුජකයින් ලෙස හුවා දැක්වීම නොකළ යුතුය. පුජකයින්ගේ කාර්ය භාරය වන්නේ යාඥා සහ බාහිර පුජා සමගින් ඇදහිල්ලට මුල් තැන දෙන ආගමික වටපිටාවක කාර්ය භාරයන්ය.
එහෙත් බෞද්ධ ප්‍රතිපදාව තුල එවැනි බාහිර පුද පුජා හෝ ඇදහිලික් නොවන හෙයින් එවැනි තත්වයක් බුදු දහමට ගැළපෙන්නේ නැත. මන්ද යත් බුදු දහම තුළ අවසාන අරමුණ නිර්වාණයයි. ඒ සදහා සියථ කේලේෂයන් දුරු කර ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළ යුතුය. ඒ හැර මේ තත්වය ඇති කර ගැනීම සදහා වෙනත් මගක් නොමැත්තේය.
(එසේම නිර්වාණාවබෝධය දස්සනස්ස විසුද්ධියා) යාගහෝම බාහිර පුද පුජා මෙන්ම බාහිර වත් පිළිවෙත් මගින් ආධ්‍යත්මික ප්‍රතිපදාව පරිපූර්ණ කළ නොහැකිය. භවය හෙවත් සසර ගමනේ මග නැවතීම සදහා ආර්ය මාර්ගයේ ගමන් කිරීම සදහා තෘෂ්ණාව, ආලය, රාගය යන කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් හැර ඉන් මෙහා මේ අරමුණු වෙත ළගාවීමට අන් මගක් නොමැත යන්න බුදු දහම පෙන්වා දෙයි.
එය යථාර්ථවාදී මෙන්ම අවබෝධාත්මක කටුක මාර්ගයක්ය. ඒ අනුව මෙම වත්පිළිවෙත් මෙන්ම ප්‍රතිපදාවන් තුළ ලෞකික බැදීම් සියල්ල අනන්‍ය ලෙස අතහැර දමා නිර්වාණය සොයා ගමන් කිරීම එකම අරමුණ විය යුතුය. එය සැබැවින්ම ප්‍රතිපත්තිදායක වු ගමනකි. මෙම තත්වය සදහා ගමන් කිරීමේ දී භික්ෂූන් මෙන්ම ගිහියන් ද මෙම මාර්ගයේ ගමන් කිරීම සුදුසු වන්නක් ලෙස පෙන්වා දෙයි.
විශේෂයෙන්ම භික්ෂුූ සමාජය සංඝ ලෙසින්ද එය තවත් ප්‍රභේද වෙමින් ආර්ය සංඝ සහ සම්මුතික සංඝ ලෙසින් ද දෙපිරිසක් සිටිති. එහිදී අර්ය සංඝ යනු සෝවාන් ආදී මාර්ග ඵලයන් ට පත් වු උතුමන්ය. උන් වහන්සේලා සූටිපන්න ආදී ගුණෝපිත ගුණයන්ගෙන් යුත් පුද පුජා වන්දනා ආදිය ලැබීමට සුදුසු දෙඅත් දොහොත් දී වන්දනා මාන කිරීමට සුදුස්සෝ වෙති.එමෙන්ම සමමුතික සංඝ යනු එවන් තත්වයතට පත් වුවන් නොවන අතර ඒ අනුව අනාගාරිකා ප්‍රතිපදාව ආරක්ෂා කරමින් උපසම්පදා හා සාමනේර ආදී තත්වයන් තුල හිදිමින් ඒ මග ලබාගැනීමට ප්‍රතිපත්ති පූර්ණය කරන්නා වු පිරිසකි. උන්වහන්සේලා ශීලාදී ගුණයෙන් යුක්ත හෙයින් දෙව්මිනිසුන් පුජනීයත්වයෙන් සලකන්නේය.සර්ධාවෙන් යුක්ත ගිහි උවැසි උවැසියන්ගේ සිව් පසේ සංග්‍රහ ලබමින් වාසය කරන්නේය.
එමෙන්ම බුදු දහම තුළ ගිහි පැවිදි (පුජ්‍ය,පුජක)සම්බන්ධතා අවශ්‍ය කොට දක්වති. ඒවා නිරීක්ෂණයේදී ආගමික සම්බන්ධය තුළ සිදුවන හා කරන ක්‍රියාවලිය හා සමාන වන්නේය. බෞද්ධ සමාජය තුළ සිව්වනක් පිරිස අතර භික්ෂු භික්ෂූනි උපාසක උපාසිකා යනු වෙන් හදුන්වති.
මෙයින් මුල් දෙපක්ෂය අනාගාරික වන අතර අනෙක් දෙපක්ෂය (ආගරික වෙති ) මේ පිරිසට ඇත්තේ නිර්වාණ අවබෝධය වෙනුවෙන් එකම අරමුණකි.එහෙත් මේ දෙපක්ෂයටම අඩු වැඩි වශයෙන් ඒ සදහා ගතවන කාලය අනුව වෙනස් වෙති. පැවිද්දාගේ ලෞකික බැදීම් අඩු හෙයින් ඔවුන්ට නිවනට යන ගමන ඉක්මන් කර ගත හැකි අතර ගිහියන්ට ලෝකෝත්ර බැදීම් හා සමගාමි වී ඇති හෙයින් මෙවැනි ගමනක් තරම් පහසු නොවන බවක් පෙනේ. ඒ හැරුණ විට මේ දෙපිරිසට ගමන් මාර්ග දෙකක් නැති අතර වෙනස් වු ප්‍රතිඥාවන් ද නොමැත්තේය.
එමෙන්ම බෞද්ධ අනාගාරික පක්ෂයේ ප්‍රතිපත්තිමය ප්‍රතිපදාවන් ආරක්ෂා කර ඉදිරියට ගෙන යාම සදහා (ආගමික නොවන) ගිහි සමාජයේ සහයෝගය අත්‍යාවශ්‍ය වේ. එම පිටුපසින් උපකාර කරන්නේ පැවිදි පාර්ෂවයෙන් ලැබෙන්නා වු උපකාරය නම් ධර්ම දානයයි. ඒ අනුව ඔවුන් ගිහි සමාජයට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කළ යුතුයි. එමගින් වඩාත් හොද ගිහි සහ පැවිදි සමාජ සම්බන්ධතාවක් ඇති කර ගැනීමට හැකිවනු ඇත.
මෙය සිගාලෝවාද සුත්‍රයේ ගිහි සහ පැවිදි සමාජ සදහා කරන්නා වූ සදිසා නමස්කාරයෙන් මෙම සම්බන්ධතා පිලිබද පැහැදිලි කිරීමක් කර ඇත. විශේෂයෙන්ම මෙහිදී වෙනත් ආගමික මතවාදයන් විශ්වාස කරන්නා වු සමාජ තුළ පුජක පක්ෂය සතු ලක්ෂණ හා බෞද්ධ භික්ෂුවක් තුළ පවතින්නා වු ප්‍රතිපදාවන් සමානව සැලකිය යුතු නොවේ. මන්ද මේ දෙක අතර කිසිදු සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම හැකියාවක් නැත.
අනෙක් අතට දේවවාදී ආගම් තුල පවතින දේව භාෂිතයට මුල් තැන දීම බුදුදහම තුළ නොකරේ. (ත්‍රිපිටක සම්ප්‍රදානේන) බුදු දහම තුළ යමක් පිළිගත යුතු ආකාරය කාරණා 10 යකින් සම්පූර්ණ විය යුතු බව පෙන්වා දෙයි. ඒ අනුව ශාස්ථෘවරයා මත හෝ ගෞරවය මත මෙන්ම කෙනෙකු කී දෙයක් විශ්වාස නොකරන මෙන් ද ඒවා පරම්පරාවෙන් පැවැත එන හෙයින් හෝ වෙනයම් කාරණයක් මත විශ්වාස නොකර මෙන්ද පෙන්වා දෙයි. ඒ අනුව කිසියම් කාරණයක් බුද්ධිමත්ව ප්‍රායෝගිකව විමසා බැලීමේදී තමන්ටම එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අවබෝධ වු පසුව එය පිළිගත යුතුය.
එමගින් නිවැරදි තිරණ ගත යුතු බව පෙන්වා දෙයි. එය නිදහස් චින්තයක අදීන චින්තන ශක්තිය ගොඩනගා ගැනීමට මහෝපකාරීවන් බව පෙන්වා දෙයි.
බුදුන් වදාල පරිදි සැබැවින්ම ධර්මය තමා විසින්ම දැකිය යුත්තක් ලෙස පෙන්වා දෙයි (සන්දම්ධකෝ) අකාලිකෝ කාලය සීමාවකින් තොරව සෑම අයෙකුටම පරික්ෂා කර බැලිය හැකි සේ විවෘත විය යුතුය. එමෙන්ම එය තමා සන්තකයේ ප්‍රයෝගික බව අවබෝධයෙන් වැටහෙන්නක් බව පෙනෙන්ට තිබිය යුතුය.
ගුරු මුෂ්ටිය හෙවත් කොටසක් තබාගෙන තව කොටසක් අනුගාමිකයින්ට පැවසීම නොකළ යුතුය.එවැනි දේ දේව රහස් ලෙස උන් වහන්සේ බැහැර කළහ. තමන් වහන්සේ වෙත එන සෑම අයකුට පැමිණ පරික්ෂා කර බලා සිටීමේ අවස්ථාව හිමි කර දී තිබුණි. එතරම්ම නිර්ව්‍යාජ වු ධර්මයකි. එහෙයින්ම එය සර්ව කාලයකම බබළනවා යන්න විශ්වසා කල යුතුය.
කාලයෙන් කාලයට වැසුව ද ජලය අභ්‍යන්තරයේ ගිල්ල වු බෝලයක් මෙන් කිනම් මොහොතක හෝ එය යළි උඩට ඉළිප්පී සත්‍ය පසක් කර ඇත. යන්න බුද්ධ වචනයේ පරිසමාප්ත අර්ථයයි.
විශේෂයෙන්ම මේ කාරණා මත අප විසින් ධර්මයට ඇති ගරුත්වය ද විටෙක මමත්වය උත්පාදනය කරන හෙයින් එයද අතහැරිය යුතු වන්නේය. යන්න වදාලා ඇත. එය බොහෝ සෙයින් ජනප්‍රිය කියමනක් ලෙසින් හදුන්වන ගගෙන් එතරවීමෙන් පසු පහුර අතහැරිය යුතු සේ තමන් නිවන කරා යන ගමනේ දී යම් කෙනෙකු ඒ සදහා උපකාර වු ධර්මය ද එය දේශනා කළ ශාස්තෘන් ද අතහැරිය යුතු බව පෙන්වා දෙයි.
මෙය තත්වත් විස්තර කිරීමක් මජ්ජිම නිකායේ අලගද්දාගම සුත්‍රයේදී පෙන්වා දෙන්නේ ප්‍රයෝගික උත්තර ද ඇතුලත්වය. එහිදී පෙන්වා දෙන්නේ සැගවිය යුතුදේ ඇත්තේ ගණිකාවකට මෙන්ම මිත්‍ය ආගමික මතවාදයන් සමාජ ගත කරන සර්වබලධාරියෙකට මෙන්ම බමුණන්ට පමණක් බවයි.
ඉර හද තාරකා දෙස බැලීමට ඒවා විවෘතව පැවතිය යුතු සේම නිදහස් චින්තකයින්ට විවෘත මනසකින් විමසා බලා ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් තේරුම් ගත හැකි ලෙස යමක් පවසන්නේ නම් එය සදාකාලයටම බබලවමින් කාලාන්තරයක් පවතින බව පෙන්වා දෙයි. ඒ අනුව බුදු දහම මේ වනවිටත් චිරාත් කාලයක් ප්‍රඥාවන්තයින්ගේ ඇසුර පැවතීම මගින් එය නොනාසී ඉදිරියට ගමන් කරනුයේ මේ කාරණා හේතු කොට ගෙන බව අප තේරුම් ගත යුතුය.
සියල්ල තමා විසින් සිදු කරනු ලබන ක්‍රියාව මත පදනම්ව ගොඩ නැගෙන තත්වයක් හෙවත් කුසලානුකුසල ධර්මය පිළිබද වගකීම තමන් විසින් දැරිය යුතු බව පෙන්වා දෙන බුදු දහම සර්වබලධාරියෙකුගේ මැවීම හෝ ඊශ්වරගේ නිර්මාණයක් නොවන බව පෙන්වයි. මිනිසාගේ මරණය තාවකාලික බව මෙහි සරලම අර්ථයය පිරිසිදුවීම් හෝ අපිරිසිදුවීම් පුද්ගලයෙකු සතු කාර්යක් හෙයින් තමන්ගේ අරමුණු අපේක්ෂා නිවැරදි දිනාගැනීමට යොමු කර ගැනීම තමන් සතු වගකීමක් බව එය බාහිර පුද්ගලයෙකු විසින් පාලනය කිරීම හෝ වෙනස් කිරීමට කිසිදු අවස්ථාවක් නොපවතින බව පෙන්වා දෙයි. මේ පිළිබද බුදු දහම උගන්වන (අත්තහි අත්තනො නාතෝ) වැනි ජනප්‍රිය කියමන් වලින් අපට පසක් කරනුයේ මෙයයි.
තම අතට තම අතමය සෙවැනැල්ල මෙයයි. තමන් නිවැරදි ගමන් මාර්ගයක ගමන් කළ ද කිසිදු අයෙකු එය තරණය කරණ කොට ගනිමින් ශාස්තෘන් වහන්සේ පිළිබද හෝ කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු බව පෙන්වා දෙයි. මෙය සැබෑ නිදහස් විමුක්ති මාර්ගය ලෙස සැලකිව යුතතේ එහෙයිනි. දීඝනිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ දී මේ බැව් බුදුන් වහන්සේ පෙන්වා දෙයි. එය බුදුන් සහ ආනන්ද මාහිමියන් අතර පැවැත්වෙන සංවාදයකින් සමන්විත වේ.
ආනන්දය භික්ෂු සංඝය මා වෙත නැඹුරු කර ගැනීමට හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මා තුළ අදහසක් නැත. තවත් විටෙක ශ්‍රාවකයින් කෙරෙහි අනුකම්පාව සහ හිතෛෂී බව ශාස්තෘවරයෙකු විසින් කළ යුතු යමක් ඇත්ද එය මා විසින් මේ මොහොතේ ද අනාගතයේදී ද ඉටු කළ සහ ඉටු කරනු ඇත.
මෙහිදී අප සරලව තේරුම් ගත යුත්තේ ගමන් මාර්ගයක් ඇත. එය ඔබ යායුතු ද නොයායුතු ද යන්න තීරණය කිරීම ඔබම සතු කාර්යක් වන්නේය. ගමන් මාර්ගය පෙන්වා දුන් අයට එහි ඇති වටිනාකම් විස්තර කර ඒ මග යෑමෙන් විමුක්තිය ලැබෙන බව කිව හැකි වුවත් තවත් අයෙකු ඒ සදහා පෙළඹවීම කළ නොහැකිය. මන්ද යත් එය සැබැවින්ම පුද්ගල බද්ධ ක්‍රියාවලියකි. මේ සදහා නිවැරදි ගමන් මාර්ගය ලෙස ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෙන්වා දෙයි.
මේ මගේ නිවැරදිව ගමන් කර තම අපේක්ෂාවන් අරමුණු වෙත ළගාවීමට හැකි බව පෙන්වා දෙයි. රාග දේවේෂ මෝහ ක්ලේෂ ආදී සිය` දේ ඉවත් කර ගැනීමේ මඟ කියා දී නිවැරදි ගමන් මාර්ගය මෙමගින් විද්‍යාමාන වනු ඇත. තථාගතයන්ගේ මග කියන්නෝ පමණි. ඒ මඟ යන්නෝ, ඒ අය මාර බන්ධනය බිදිති.මෙම නිසාම යථාර්ථවාදී හරයාත්මක නිදහස් චින්තය මත ජීවත් වෙමින් ක්‍රියාකළ යුතු ආකාරය පෙන්වා දෙන බුදුු දහම කල්පිත දෙවියා පිළිබද අල්ප මාත්‍රයක සදහනක් සිදු කර නොමැති බව පෙන්වා දිය යුතුය.
තවත් කාරණයක් නම් වර්තමාන සමාජය තුළ මිනිසුන්ගේ අයිතිවාසිකම් නිහඩ කිරීම මානව හිමිකම් උල්ලංඝනයයක් ලෙසින් සදහන් කරයි.
මෙය විශේෂයෙන්ම බටහිර සංස්කෘතිය සහ බටහිර සමාජවල කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික පසුබිම් කරගනිමින් පෙරදිගින් සම්ප්‍රාප්ත වුවකි. විශේෂයෙන්ම මීට අවුරුදු 2500 කට පෙර මේ සත්ව ලෝකයේ ජීවත්වන ශ්‍රේෂ්ඨතම සත්වයා ලෙස සැලකෙන මිනිසා පිළිබද ඊට වඩා පුථල් සත්ව ලෝකයක් පිළිබද දිව්‍ය බ්‍රහ්ම ආදී ලෝක පිළිබදව ද බුදු දහම සදහන් කරයි. ඒ සෑම සියල්ලෝම පොළවේ ජීවීන් ලෙසින් සලකමින් සැමට මෛත්‍රි සහගත සිත පැතිරවීමේ මානව ගුණය ප්‍රගුණ කිරීමට එදා බුදුදහම පෙන්වා දුන් ආකාරය විශ්මය ජනකය.
විශේෂයෙන්ම සර්වබලධාරී දෙවියන් විශ්වාස කරන්නා වු ධර්මයන් සෑම අවස්ථාවකම එක හා සමාන ලෙස සැලකීම ප්‍රතික්ෂේප කරයි. ඔහුත් මිනිසා වෙනුවෙන් පෙනී සිට මිනිසාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සෙසු ජීවින් හා ගහ කොළ නිර්මාණය වී ඇති බව පෙන්වා දෙයි.
එය අතිශයින්ම නොදියුණු නොමේරූ පුද්ගලයින්ගේ අදහසකි.මිනිසාට පමණක් කරුණාව මෛත්‍රිය භක්තිය දක්වමින් සෙසු අයට අනුකම්පා විරහිතව සැලකීම මෙම ආගමික මතවාදයන් තුළ පෙන්වා දෙයි.
ඒ අනුව වර්තමානයේ මානව හිමිකම් පිළිබදව කතා කරන බොහෝ බටහිර සංස්කෘතිය සහ ඒ අනුව කටයුතු කරන උගතුන් මහා හඩින් ගිගුරුම් දෙමින් මිනිසා වෙනුවෙන් පෙනී සිටී.
එමෙන්ම එයට ආර්ථික වටිනාකමක් එක් කරමින් තවත් පිරිසක් අසමානව සැලකීම පොළඹවයි. එහෙයින් මේ වන විට එහි අසමබර තත්වයක් ගිලිහී යමින් සමස්ත ජීවීන් තුරන්වීම දක්වා මෙය ගමන් කරනු ඇත.
මේ සදහා මිත්‍ය දෘෂ්ඨික අදහස් සහ ප්‍රඥාගෝචර නොවන ක්‍රියාකාරකම් ඉවහල් වන බව පෙන්වා දිය හැකිය. පොදුවේ මිනිසුන්ට බුද දහම ස්පර්ෂ කිරීම හෝ එහි හරයාත්මක වටිනාකම් අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා වුවා නම් අඩු තරමින් මේ සදහා තමන්ගේ දායකත්වය පෙළඹීම තනිතනිව හෝ මිනිසාට කළ හැකිවනු ඇත.එය මේ විනාශයෙන් සත්වයා මුදා ගැනිමට කළ හැකි කුඩා හෝ දායකත්වයක් වනු ඇත.
කෙසේ වුවත් බුදු දහම තුළ මේ මානව ගුණය පිලිබදව ඉතා ගැඹුරින් පෙන්වා දී ඇත. මෙත්තා, කරුණා, මුදිතා, උපේකෂා යන සතර බ්‍රහ්ම විවරණ තුළින් පෙන්වා දෙන්නේ මෛත්‍රී සහගත සිත පැතිරීමයි.
එමෙන්ම බුදු දහමේ සරලම පෙන්වා දීම වන පන්සිල් පද පහ ආරක්ෂා කිරීමට පුද්ගලයෙකු හැකි වන්නේ නම් මේ අසාමාන්‍ය සමාජ විෂමතා,පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා වීම, මෙන්ම ඒවාට නිසි ඇගයීමක් ලබා ගෙන මානව සමාජය යහපත් තැනකට තල්ලු කල හැකිය. එහෙත් අවාසනාව නම් මෙම සංකල්ප පස්සට තල්ලු වී මිත්‍ය දෘෂ්ඨික භයානක ප්‍රායෝගික නොවන එහෙත් ප්‍රචාරාත්මක කාරණා හරහා තමා විසින්ම තමන්ගේ පිරිස විනාශ කර ගැනීමට හැකි ආකාරයේ සැලසුම් මේ සමාජයට ඇතුළත් කර ඒවා රෝපණය කිරීමේ ක්‍රියාවලියක මේ මිත්‍ය දෘෂ්ඨික මතවාදිමය පුද්ගල කණ්ඩායම් උත්සාහ කරමින් සිටීමයි.
කෙසේ වුවත් බුදු දහම තුළ සෑම සියථ ප්‍රාණි ජීවියෙකුම ඇතුළත් කර විශ්වය තුළ ඉතා පුථල් ලෙසින් ජීවභක්ති වාදය පිලිබද සදහන් කරයි. මේ කාරණා මගින් බුදු දහම සහ අනෙකුත් නිර්මාණවාදී ආගම් වෙනස්වන බව පැහැදිලිව පෙනෙන තවත් බෙදුම් රේඛාවකි.
එහෙත් බුදු දහම සහ අනෙකුත් පෙන්වා දීම් ආගම් ලෝකවාසී සත්වයන්ට දක්වන ආකල්ප ද මෙහිදී පැති දෙකක් ගන්නේය. මෙහිදී නිර්මාණවාදී ආගම් ලෝක විෂ්‍ය සහ දෙව් මිනිස් ලෝකයන් පිළිබද පැහැදිලි කිරීමක් සිදු නොකරන ලද අතර බෞද්ධ දර්ශනය අනුව අනන්ත ප්‍රමාණ වු මේ විශ්වය තුළ අසංඛ්‍යත සක්වල පිලිබද සදහන් කරන අතර මිනිස් මනසට ග්‍රහණය කරගත නොහැකි ගැඹුරු කරුණු පිළිබද තේරුම්ගත හැකි ආකාරය පෙන්වා දෙයි.
මෙහිදී මේ විශ්වධාතුව පිළිබදවත් එහි අසංඛ්‍යාත් බව පිළිබදවත් ප්‍රඥවෙන් සිතිමෙන් ඉන් මෙහා පුද්ගලයා විසින් කළ යුතු කාරණා පිලිබදව පැහැදිලි කරයි. බඹයක් පමණ වු ශරීරය පිළිබද ප්‍රථමයෙන් අප අවබෝධ කර ගන්නේ එහි විමුක්තිය වෙනුවෙන් ක්‍රියාකර එහි ජයග්‍රහණය අත්පත් කර ගත් පසු අචින්ත්‍ය වු විශ්වය පිලිබද සිතිය යුතු බව බුදුන් වහන්සේ පැහැදිලිකර ඇත්තේ මේ කරණා පිළිබදව විශිෂ්ඨ වු බුද්ධි ගෝචර මනසකින් විග්‍රහ කරමින්ය.
එමෙන්ම තවදුරටත් කරුණු අවධාරණය කරමින් බුදු දහම පෙන්වා දෙන්නේ සිත නැති කය ඇති බඹලොව පිළිබදවයි. එහි ඇති උත්තරීතර මානුෂීය ලෝකයන් පිලිබදවයි. මේවා බුද්ධ දර්ශනය තුළ පුථල් විෂය ධාරාවන් ලෙසින් හැදෑරීමට යමෙකුට අවශ්‍ය නම් ඔහු මේ ගමන් මග තෝරා ගත යුතුය.එ සදහා සම්‍යක්දෘස්ඨික මානසික දියුණුවක් සිත පිලිබද විශිෂ්ට වු දියුණුවක් සහිතව ගමනාන්තයකට එළඹීමට අවශ්‍ය බව පෙන්වා දෙන්නේය.
කෙසේ වෙතත් මේ කිසිවක් මේ නිර්මාණවාදී ආගම්වල දක්නට නොලැඹෙන බව පෙන්වාදිය හැකිය. පුද්ගලයෙකුගේ චිත්ත චෛතසිකය සිය ගමන යාමට අවශ්‍ය රථය බව පෙන්වා දෙයි.
එය නිසි නඩත්තුවක් සහ අවබෝධයකින් ඉදිරියට ගමන් කරවීම තුළ කිසිදු උපද්‍රවයකින් තොරව තමන් අපේක්ෂා කරන ගමනාන්තයට ළගාවිය හැකිය. ඒ මඟ ගොස් සාර්ථක වු ප්‍රතිපදාවන් අනුගමනය කළා වුන් කළ පෙන්වා දීම් උදාහරණයට ගත හැකි වන්නේය.
චේතනාහං භික්ඛ කම්මන් වදාමි කර්මයට හෙවත් ක්‍රියාවක් හොද හෝ නරක ලෙසින් සිදු කිරීම සදහා සිතුවිල්ල මුලික වන බව මෙමගින් කියන්නේ මේ අර්ථ ගැන්වීම නිසාමය. සත්වයා කර්මය මත මෙම ගමනට බැද තබන හෙයින් කමාකරන හෝ අමතක කර දමා එය මගහැර නොයා හැකි බව පෙන්වා දෙයි. ප්‍රණඝාතයන් වැනි අකුසල කර්මයන් කිරීම සදහා සිත මූලික වි ඉන්පසු එම ක්‍රියාව සිදු කිරීම සදහා මූලබීජ සපයන්නේය.
ඉන් පසු එවැනි කාරණා මුහුකුරා ගොස් එම ක්‍රියාව සිද්ධ කරයි. එහෙත් ඉන් පසු එයින් තමන් වෙත ලැබෙන ප්‍රතිචාර නැවත බාර ගැනීමට නොහැකිව මෙම සක්වල කොහේ හෝ හැංගුණත් එයින් ගැලවීමක් නොමැති ඉදුරාම කිව යුතුය.
එයින් එවැනි ක්‍රියාවන් පුද්ගලයා බේරා ගැනීමට ඔහු සිදු කරන සියථ කර්මය නිමා කිරීමටත් යම් සර්ව බලධාරී දෙවියකුට හැකිවන්නේ නම් ඔහු මේ ක්‍රියාවලිය තුළම තම පෙන්වා දීම් අනවබෝධයකින් විග්‍රහ කරමින් සමාජය නොමඟ යැවීමට මග පෙන්වන අකාරුණික සර්ව බලධාරි දෙවියෙකු වන බව කිව යුතුය.
කෙසේ වෙතත් මිනිසා දෙවියන්ගේ මැවිල්ලක් හෙයින් මිනිසා සිදු කරන සියථ වැරදිවැඩට සමාව දීම මෙම දෙවියන්ගේ යුතුකමක් වන්නේය. සමහර උගතුන් සහ මිත්‍ය දෘෂ්ඨිකයින් පෙන්වා දෙයි.
නිර්මාපකයින් මැවු ඔහුගේ දෙවියා අනුදැනුම ඇතිව කරුණු කාරණා සිදුවීම ආදී මේ අයුරින් මෙම කාරණා සිදුවන බව පෙන්වා දෙයි.
එහෙත් මිනිසාගේ සියථ ක්‍රියාකාරකම් මනස මුලිකව සිදුවන හෙයින් බදු දහම මෙම පව් කමා කිරීමේ අහිතකර සංකල්පය උපහාසයෙන් බැහැර කර සිටි.
එහෙත් කවර ආගමක වුවද වටිනා හර පද්ධතීන් මෙන්ම සත්ව සංහතියට ගහකොලට මෙන්ම ස්භාවයට අනුකූලව සිදු කරන දේ ඇත්නම් එවැනක් බුදු දහමේ ඉතා ඉහළ අගයකීරිමට මෙන්ම ඒවාට නිසි ගෞරවය ද ලබදීම සිදු කරයි.
තවද නිර්මාණවාදී මිනිසා එෛතිහාසික හෙවත් මානසික පක්ෂය කෙරෙහි අවධානය යොමු නොකරන අතර මිනිසා දෙවියන්ගේ මැවිල්ලක් මිනිසාගේ සියථ ක්‍රියාකාරකම් එම මැවීමට සිදු කළ සර්ව බලධාරියාගේ රුචිඅරුචි කම් මත සිදුවන බව එකහෙළා පවසයි. එහෙත් බුදු දහම මෙම ක්‍රියාවලිය පිළිබද ගැඹුරු සහ එහි අතාර්කිකත්වය දකිමින් මනෝ මුලිකව අදහස් ඉදිරිපත් කරමින් මෙම අනතර්ගත කාරණා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඒ අනුව (මනෝ පුබ්බංගමා ධම්මා) ලෙසින් බදු දහමේ උන්වහන්සේ සියල්ල මනස මුලික කර ගනිමින් සිදුවන හෙයින් මිනිසාගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල අනෙකුකට පැවරීම හෝ තවත් අයෙකු මත පටවා තමන් නිර්දෝෂී විමේ ප්‍රතිවිපාක ක්‍රියවලියට බුද්ධිගෝචර නොවන හෙයින් එය තමන් විසින්ම බාරගත් යුතු බව පෙන්වා දෙයි. එහෙයින්ම සෙසු නිර්මාණවාදී ආගම් සහ බුදු දහම කිසිදු අකාරයක හෝ ගැලපීමක් හෝ සිදු කිරීමට පුථවන්කමක් නැත.
එමෙන්ම මෙය බුදු දහම තුළ භික්ෂු විනයට ද ඇතුළත් කර ඇත්තේය. කිසියම් බෞද්ධ භික්ෂුවක් සාසනයට අගෞරව වන ආකාරයේ හැසිරීම් විනය විරෝධී ක්‍රියාවන්හී නිරතවන්නේ නම් එම වරද වසං කිරීම සිදු නොවන අතර සිදුවන්නේ එම වරද නැවත සිදු නොකරන බවට සපථ කිරීමකි. එසේ වුවත් පෙර කළ වැරදි කාරණාවල සියථ ප්‍රතිඵල එම භික්ෂුව විසින්ම භාරගත යුතු බව පෙන්වා දෙයි.
එමෙන්ම බුදු දහම තුළ පවතින මානුෂීය ගුණාංග මිනිසාට හිමිවන ස්ථානය පිලිබද අප සලකා බැලුවහොත් බුදුන් වහන්සේ මිනිස් උත්පත්තිය අතිශයින්ම දුර්ලභ තත්වයක් බව පෙන්ව දෙයි (දුල්ලභං ච මන්ස්සත්තං)
ඒ අනුව සියල්ල කල හැක්කේ මිනිස් භවයක් තුළ පමණි. දෙවියන් ලෙස බඹ ලොව මෙන්ම ඉන් එහා විශේෂ ලෝකයන්හි භවයන් කරා එළඹීමට නම් ඒ සදහා මනුෂ්‍ය ලෝකයේ කළ ක්‍රියාකාරකම්වල නිවරද්‍යතාවයන් ඉවහල්වන බව පෙන්වා දෙයි. එමෙන්ම නිරය තිරිසන් ආත්ම දුගතියේ උත්පත්තියට ද මිනිස් භවයන් හී කල කී දෑ ඉවහල් වන බව පෙන්වා දෙයි. මෙන්ම විවිධ ආත්ම භාවයන්හි රැදී සිටිනුයේ ඔහු මිනිස් ලෝකයෙහි කළ කුසලාකුසල අනුව ලබාගත් බලපෑම මත පමණක් බව පෙන්වා දෙයි.
මේ සියල්ල අවසන් වත්ම යළිත් මේ මිනිස් ලොව නැමැති භෞතික තත්වය කරා ළගාවන බව පෙන්වා දෙයි. එහෙයින් බුදු දහම තුල මනුෂ්‍යත්වය මිනිසත් බව කෙරෙහි වටිනාකමේ පවතින විශිෂ්ඨ පැවැත්ම ඉහළින්ම විගහ්‍ර කර ඇති බව අපට මේ කාරණා වලින් පෙන්වා දීය හැකිය.
මේ කාරණා මත අපට තවත් එක් දෙයක් තේරුම් ගත හැකිය එනම් සියලු ලෝකයන්හි මැවුම්කරු හෙවත් තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨත්වය පත් වන්නා මිනිසෙකුම බවයි. ඒ සදහා මුලික සැකැස්ම සකස් කරන්නේ මිනිස් ආත්මයේදී බව බුදුදහම පෙන්වා දෙයි. එය බුද්ධත්වයට පත්වීම සදහා නියත විවරණ ලබා ගැනීමේ අවස්ථාව දක්වා අපට පෙන්වා දිය හැකිය. මිනිස්, දේව, ගිහි , සිල්වත් , පින්වත් අනුස්ථානයෙහි සිටින්නා වුන්ට සක් දෙවිදු පවා නමස්කාර කරන බව ජාතක පාලියේ පෙන්වා දෙයි. එහෙයින් මනුෂ්‍යත්වයේ වටිනා කම් බුදු දහම තුළදී ඇති ස්ථානය එයින් පැහැදිලිවනු ඇත.
ලෝකය තුළ පවතින සෑම ආගමකම පරමාර්ථ සමාන වන්නේ නැත. එසේ සියල්ලන්ගේ පරමාර්ථ සමාන වන්නේ නම් ලෝකය තුළ මේ තරම් විශාල ආගම් ප්‍රමාණයක් බිහිවන්නේ නැත. වර්තමානයේ මුදල් බලයෙන් මෙන්ම අවි බලයෙන් ද මිනිසා ආගම්වල ගිල්වයි.
ඒ හරහා මිනිසා විසින් මිනිසා වෙත මිලේජ්ඡත්වය මුදා හැර සත්‍ය මිහිපිටන් අතුලා දැමීමට ක්‍රියා කරයි. මිත්‍ය දෘෂ්ඨිය වැපිරවීමෙන් මේ පිරිස් කරනුයේ මිනිසාට හෝ මිනිස් සත්වයාට යහපතක් කිරීම නම් එය කිසිදා කිසි විටෙක ඉටු නොවන්නනේය.
එහෙයින්ම බුදු දහම පැතිරවීමට හෝ එය ඇදහීමට තවත් අයෙකු එකතු කර ගැනීම උදෙසා එවැනි අශීෂ්ඨ අඥාණ කෲර ක්‍රියාකාරකම් ඉතිහාසයේ සිදු නොවී ඇතුවා මෙන්ම වර්තමානයේද අනාගතයේ ද සිදු නොවන්නේය.
බුදු දහම තුළ පවතින්නේ අවසන් පරමාර්ථය නිවන් අවබෝධයයි. ඒ තුළ ආත්මවාදය අන්ධ විශ්වසාය හෝ වැරදි පුද පූජා මත බැදී නොපවතී. එහෙයින්ම නිවන් අවබෝධ කල හැක්කේ මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මෙන්ම මමත්වය බැහැර කිරීමෙන්ය. මමත්වය නැති කිරීම අනාත්ම දර්ශනයයි. එය සියථ දෘෂ්ඨිවාදයන්ගේ සිත නිදහස් කර ගැනීමයි. එමගින් පමණි ආධ්‍යත්මික ප්‍රතිපත්ති පූර්ණයකට සිත යොමු කර ගත හැකි වන්නේ ඒ හැර එය කිසිදු දෙවියකුගේ මඟ පෙන්වීමක් හෝ පිළිපැදීමක් හෝ අනුගමනය කිරීමකින් සිදු කළ හැකි නොවන්නේය.
එය පුද්ගලයා සනත්කයේම අවබෝධයෙන් ලබා ගත යුත්තකි. එහෙයින්ම එය (පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝතී) යනුවෙන් දක්වා ඇත.
බුදුන්වහන්සේ නිතරම තම ශ්‍රාවකයින්ට දේශනා කළේ කරුණු සාකච්චා කර ඒවා පිළිබද නිසි අධ්‍යයනයක නිරත වෙමින් අනුසාසනා තුළින් ලෝකය නිවැරදිතාවය අවබෝධ කර ගෙන අනෙකාට දේශනා කරන ලෙසයි.
අයුක්තියෙන් හෝ අසාධාරණයෙන් බැහැරව සත්‍ය කරුණු අරමුණු කර ගනිමින් අනුගාමිකයින් වැඩි කරගැනීම උදෙසා ක්‍රියා කරන ලෙසද පෙන්වා දී ඇත. විශේෂයෙන්ම විජ්ජා මගින්ද එර්ධි ප්‍රාතිහාර්ය මගින්ද ඇස් බැන්දුම් හරහා ද මිනිසා රවටා මුලා කර බුදු දහමට නම්මා ගැනීම විනය විරෝධි ක්‍රියාවලියක් බව දක්වා ඇත්තේය. ප්‍රාතිහාර්ය ලෙස උන් වහන්සේ උගන්වා ඇත්තේ අනුසාසනීය ප්‍රතිහාර්ය පමණි. යමක් සදහා සත්‍යාවබෝධ වන ලෙසින් කරුණු කාරණා ඉදිරිපත් කර පවසනුයේ අවබෝධය ඒකාලෝක කිරීම උදෙසා ක්‍රියාකිරීමයි. එහෙත් ඒ සදහා දුර්ලබ වාසනා ගුණයක් මෙන්ම සැදහැවත් අවබෝධය වීමේ මානසික ශක්තින් දියුණුවක්ද තිබිය යුතුය.
මේ කාරණා හේතුවෙන්ම බොහෝ පෘතග්ජනයින්ට බුදු දහමේ අභ්‍යන්තරයේ පෙන්වා දෙන කරුණු තම ජීවිතවලට එක් කර ගැනීමට නොහැකිව පවතී. මේ නිසාම බුදු දහම සැබෑ බුද්ධිමතුන්ගේ මනසේ දියුණූව සහිත පුද්ගලයින්ට සීමා වීමක් දක්නට ලැබේ. එය වර්තමාන ලෝකය තුළ බුදු දහමට හිමි තැන පිළිබද සොයා බැලීමේ දී අවබෝධ කර ගත හැකිය.
(උපුටා ගැණිම චමින්ද ප්‍රිති කුමාර - විසින් රචිත සංසාරයේ කෙලවර නිවීමයි, කෘතියෙනි)
No comments:
Post a Comment