Pages

Friday, August 16, 2019

ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවය අත නොහැර ශ්‍රි ලංකා ගමන් බලපත්‍රයක් ලබාගැණිම පිලිබද CID විමර්ෂණ


ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ගුවන් ගමන් බලපත්‍රයක් ලබා  ගත්තේයැයි කියන සිද්ධිය පිලිබද ලැබුණු පැමිණිලි දෙකක් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කර ඇතැයි අද දින (16) මාධ්‍ය වාර්තා කර තිබේ.
 
එම පැමිණිලි දෙක විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර පසුව එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇත. 


ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශීය පුරවැසියකු ලෙස සිටිමින්  අලුත් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන එමගින් අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේයැයි කියන සිද්ධියක් විමර්ශනය කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනට එක්වෙමින් පවසා ඇත්ත‍ේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය අතහැර ඇති බව වගකීමෙන් පවසන බවයි. 
ඒ අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතා ඊට අදාළ නීත්‍යානුකූල ලිපි ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
මෙම බලපත්‍රයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී සිංගප්පූරුවට ගොස් පැමිණි බවද එම විදේශ ගමන් බලපත්‍රයේ ද්විත්ව පුරවැසිභාවයක් ගැන සදහන් කර නැති බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩු විසින් චෝදනා කරන පරිදි තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාව ඇත්තෙක් නම් ඔහු මෙරට ආගමන විගමන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයෙකු බැවින් අත්අඩංගුවට ගෙන ඇප නැතිව රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකිද කියා සිටි.
මේ සිද්ධියේ සත්‍යතාවය කුමක්ද සැබැවින්ම මෙය දේශපාලන රංගනයක් ද එසේ නොමැති නම් වංචා සහගත ලෙසින් කල කූඨ කුියාවක් ද යන්න තිරණය කිරීමට තවම කල් වැඩිය.
එමෙන්ම පසුගියදා තම හෘද සැත්කම සඳහා සිංගප්පූරුවට ගියේද ඒ නව ශ්‍රී ලංකාගමන්  බලපත්‍රයෙන් බව අනාවරණය වෙයි . ප්‍රශ්නය වන්නේ එකී නව ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය  නිකුත් කරන විට ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන තිබිමයි. ඒ අනුව ලංකාවෙන් ඔහුට ‘ද්විත්ව පුරවැසියෙකු’ ය යන මුද්‍රාව නොමැතිව ශ්‍රී ලංකා පාස්පෝට් එකක් නිකුත් කර තිබේ.
 ලංකාව සෑම ද්විත්ව පුරවැසියෙක් සඳහාම නිකුත් කරන පාස්පෝර්ට් එකක දෙවන පිටුවේ මොහු ද්විත්ව පුරවැසියෙකි, යන්න සඳහන් කරන නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අලුතින් ලබා ගත් පාස්පෝර්ට් එකේ ඒ බවක් සඳහන් කර නොමැත. ඔහුට ඒ සඳහා රහසින් උදව් කර ඇත්තේ  ආණ්ඩුවේ ආගමන විගමන දේපාර්තමේන්තුව අයිති  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රබලයෙක් බව වාර්තා වේ.
 එමෙන්ම මේ සදහා විශාල මුදලක් ගෙවූ ව්‍යාපාරිකයා කව්ද? ඔහුට එවැන්නක් කිරීම සඳහා බලයක් ලැබුණේ කෙසේ ද ? කෙසේ වෙතත් ගෝඨාභය තමන්ට ඡන්දය ඉල්ලීමට ඇති හැකියාව ලෙස ඉදිරිපත් කිරීමට තිබෙන එකම නෛතික ලේඛනය එකී ගුවන් ගමන් බලපත්‍රය පමණි. එය ද මෙවැනි කූඨ උපායක් මගින් පවතින නිතිය යටින් රිංගා සිදුකර ඇත්නම් එය  බරපතල වරදකි. 
(ජාතික මාධ්‍ය වාර්තා ඇසුරින්)

No comments:

Post a Comment

Previous News