Pages

Wednesday, August 21, 2019

සජිත් අගමැති ලෙස පත්කර ඉදිරි ජනාධිපතිවරණයට යාමට එජාප බහුතරය සහ ශ්‍රිලනිප පිරිසක් එක්වෙයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංච් මාර්ග සනාත කරයි.
මේ සදහා එක්සත් ජාතික පෙරමුණට සහය දෙන මන්ත්‍රී පිරිසගෙන් බහුතරය ද එක්සත් ජාතික පක්ෂයේ 90% මන්ත්‍රි පිරිසක් මෙන්ම ශ්‍රිලනිප මෛත්‍රි පාර්ෂවයේ මන්ත්‍රිවරු බහුතරයක් ද එකග වී ඇති බව වාර්තා වේ.
අවසාන විසදුම වශයෙන් ‍ මෙවැනි තීරණයක් ගතයුතු බව එක්සත් ජාතික පක්ෂයේ බහුතර පිරිසකගේ මතය වී ඇත්ත‍ේය.
 එසේ නොවුන හොත් පක්ෂය කොටස් දෙකකට බෙදී යාම  හරහා අවසානයේ  නියත පරාජයක් ලැබෙන බව ද බොහෝ පිරිසක් පෙන්වා දී ඇත. කෙසේ වුවත් මෙය ජනාධිපතිවරයාගේ  අවශ්‍යතාවයක් නොවේ. බහුතර මන්ත්‍රි පිරිසකගේ ලිඛිත කැමැත්ත මත මෙසේ සිදුකල හැකි බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
                තව ද මේ මොහොතේ ජනාධිපතිවරයට කවුරු අගමැති වුවත්  ගැටලුවක් නොමැති තැනක සිටී. ජනාධිපතිවරයා සෘජුවම මහින්ද පාර්ෂවයට සහය දක්වන අතර  එ  හරහාම ඔහුගේ ආරක්ෂාව ද සැලසී ඇත.
 එමෙන්ම මෙය ඊලග පෙරලියේ පලමු පියවර ලෙසින් ද පෙන්වා දීය  හැකිය. මේ බව පවසන්නේ 2015 දි ආණ්ඩු පෙරලියට සෘජුවම මැදිහත් වූ   රාජිත සහ චම්පික යන අමාතයවරුන්ය. මේවන විට මේ අය සජිත්  පිටුපස සිටින බව රහසක් නොවේ.
 මන්ද  ඉදිරියේ දි ඇතිවන අනතුර මේ අය හොදින් අවබෝධ කර ගෙන ඊට සුදුසු හොදම විකල්පය  ලෙසින් සජිත් අගමැති කල යුතු තැන සිටගෙන සිටිමයි. එහෙයින් පෙර කුමණ්ත්‍රණය සහ මේ ඇතිවීමට  සිද්ධිය හාත්සසින්ම ආකාර දෙකකි.
සිකුරාදා පස්වරුවේ ‘සජිත් එනවා’ දෙවැනි රැලිය මාතරදී පැවැත්විමට නියමිතය. එය සංවිධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන ඇමති මංගල සමරවීර මහතා විසිනි.
wcenews

No comments:

Post a Comment

Previous News