Pages

Tuesday, August 27, 2019

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 අප්‍රේල් දක්වා ඇදෙන බවට ඉගි

    ජනාධිපතිවරණය නොවැම්බර්-දෙසැම්බරයේ අතර කාලයේ දී පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  මාධ්‍යට සදහන් කර ඇතැයි වාර්තා වේ.
     ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවට තොරතුරු වාර්තා වේ.
 කරුනු එසේ සිදු වුවහොත් ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත.එසේ වුවහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරිමේ බලය ද ලැබෙනු ඇත.එවිට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බව මෙමගින් අනාවරණය වේ.
             සිය ධුර කාළය වසර 06 ක් ද 05 ක් ද යන්න පිලිබද  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා. 
       ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.
      මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිටද? යන්නය.ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? මෙය ඉදිරියේ දී බොහෝ විට සිදුවිය හැති අලුත්ම තත්වයක් බව දේශපාලන ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වේ.
wcenews

No comments:

Post a Comment

Previous News