“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසුකණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා අද අගෝ (23) දින පළාත් සභාවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි ප්‍රකාශ කර ඇත.
“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවැනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.
එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.
අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.
ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා”
දේශපාලකයින්ගේ මෙවැනි කතා තුල ඔවුන්ගේ දැනුමේ සහ අවබෝධයේ තරම මැනවින් පෙන්නුම් කරන්නා වූ හෝද අවස්තාවකි. අපේ රටේ දියුණුවට නිවැරදි තීන්දු තීරණ ගැනිමට නම් දේශපාලකයින් ඔලුවෙන් හිටාගෙන හෝ නිවැරදි විය යුතුය.
wcenews
No comments:
Post a Comment