Pages

Friday, August 16, 2019

ඉදිරි දිනවලදී අගමැති ධූරයේ වෙනසක් කර, ගෝඨා රැල්ලට අභියෝග කරයි ?

වර්ථමානයේ  ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර පවතින අර්බුදට  මෙන්ම එක්සත් ජාතික පත්ෂයේ අභ්‍යන්තරයේ පැනනැගී ඇති නායකත්ව අර්බුදය යන කාරනා දෙකට පැහැදිලි විසදුමක් ලබා දීමට හැකි වන්නේ සජිත් ප්‍රේමදාස මහතා  අගමැති ධූරයට පත් කිරීමෙන් බව මේ වන විට දේශපාල තලයේ ඉහල පෙලේ යොජනාව වී ඇත්ත‍ේය. එමෙන්ම එම තත්වය ට යහපත් ප්‍රතිචාරයක් ජනාධිපතිවරයාගෙන් ද ලැබී  ඇතැයි වාර්තා වේ.
 එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රම්‍රඛ ගෝඨාභට රැල්ලට යට නොවී අඩුම තරමින් ඊට අභියෝග කල හැති තත්වයකට   මේ මොහොතේ ලගා වීමට නම්  කල හැකිව පවතින්නේ සජිත් ව අගමැති තනතුරට පත් කිරීම පව සජිත් හිතවාදීන්ගේ ප්‍රබල මතයයි.
  ශ්‍රි ගංකා නිදහස් පක්ෂයේ ද මතය වී ඇත්ත‍ේ ද එයයි. එමෙන්ම වත්මක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර  කලකදී එක්සත්  ජාතික පක්ෂයේ සිටියදී  සජිත්ගේ අතිජාත මිත්‍රයෙකි. ඔවුන් දෙදනො එක් වී එවකට රනිල් විත්‍රමසිංහ මහතා  විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර පක්ෂයේ බලය ලබා ගැනිමට තැත් කල ඉතිහාසයත් ද තිබේ.
 මේවැනි බොහෝ කාරනා මත ඉදිරි දිනවලදී  පවතින තත්වය මත  ගෞරවාන්විතව රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති තනතුරින් ඉවත් වී සජිත්ට එය ලබා දී සියලු බලවේග එකරාශී කිරීමේ වැයමක් පිලිබද ඉගි පල වෙමින් තිබේ. එසේ නොකර කිසිසේත්ම  ගෝඨා රැල්ලට මුහුණ දීමට නොහැකි බව මේ වන විට  සනාථ වෙමින් තිබේ.
   මේ තත්වය මත ඉදිරි දිනවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ සූදානමක් පවතී. 
තත්වය මේසේ වුවවොත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ බලය මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ද හැකිවනු  ඇති බව සාකච්චාවක්ද ඇතිව තිබේ.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය දිනවල කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා 10කදී පමණ අගමැතිකම ගන්නා ලෙස ආරාධනා කළ බවයි. නමුත් පක්ෂය වෙනුවෙන් තමන් එසේ නොකළ බව ද මහතා සඳහන් කළේය.
අද අගෝ( 17) දින එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීම වෙනුවෙන්  පක්ෂ නායකයින්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිතය.
 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්නයෙන් අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙනු ඇත. මෙහිදි ඉදිරියේදි ජනාධිපති අපේක්ෂකත්වය පිලිබද ‍ මෙන්ම සන්ධානය පිහිටු වීමේ ගිව්සුම් ගත වීම ආදී කාරනා සාකච්චා කරනු ඇතැයි වාර්තා වේ.
wcenews

No comments:

Post a Comment

Previous News