Pages

Saturday, July 27, 2019

පලාත් සභා මැතිවරණයක් ප්‍රතමයෙන්ම පැමිණෙන බවට වාර්තා

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරනයට කලින් පැවැත්වීමට හැකි වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද හෙටම නිකුත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සිකුරාදා පස්වරුවේ දී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සමග සහ නීතිපතිවරයා සමගින් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ද බයත්වා තිබේ.
පලාත් සභා මැතිවරණ පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස නීතිපතිවරයාට ජනාධිපතිවරයා පසුගිය සතියේ දී දන්වා තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත වැදගත් තොරතුරු කිහිපයක් ලබාදී තිබේ.
අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල ඉදිරි ක්‍රියාමාර්ග සිකුරාදා සාකච්චා කර ඇති බව ද වාර්තා වේ.
නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනය අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ටාශ සහ අනුපාත මිශ්‍ර නව මැතිවරණ ක්‍රමයට වීමට බොහෝ ඉඩකඩ ඇති බවද වාර්තා වෙයි.
wcnews

No comments:

Post a Comment

Previous News

Popular Posts