Pages

Wednesday, August 28, 2019

ගෝඨා සියලු අවලාද වල මුල් සිදී, ඇමරිකානු පුරවැසි බව අත්හල සත්‍ය ලියවිලි මැකෝ අතට


මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක සමාජිකත්වයක්  ලබා නොගෙන ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට ‍ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ  ජනාධිපති අපේක්ෂකයා  ලෙස නම් කර ඇත.
එසේ වුවත් ‍  ඔහු සැබැවින්ම නිර්පාක්සිකයෙකි.ඔහු කිසිදු පක්ෂයකට අයිති නැත. එසේ වීමට හේතුව පුලුල් සන්ධානයක එකතුවත් ලෙසින් ඔහු ඉදිරිපත් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති හෙයිනි. එමෙන්ම ඔහු දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට මේ වන තෙක් මැදිහත් වී ඇති අතර ඉදිරියේ දී ද එසේ නොකරනු ඇත. මෙය ඉදිරියේ දී  බොහෝ සාර්ථක දේශපාලන උපක්‍රමයක් විය හැකි බව පෙනෙන්නට තිබේ. 
කෙසේ වුවත් ඊයේ දිනයේ දී අගෝ (27) තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ නිල ලේඛනවල මුල් පිටපත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
ඒ මහතා  මෙම ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමට නොහැකි වී ඇතැයි එල්ලවන චෝදනා හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිල ලේඛන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර සැබෑ තත්වය පැහැදිලි කරගැනීම මෙම හමුවේ මුලික අරමුණවී ඇතැයි  සදහන් වේ.

No comments:

Post a Comment

Previous News