Pages

Monday, July 29, 2019

අපේම නයි අපිම කයි, දෛවයේ සරදම , බදූදීන් යලි ඇමතිකමේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු යලි සිය අමාත්‍යධූරවල දිවූරුම් සී තිබේ.ඒ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දීය.
ඒ අනුව රවුෆ් හකීම් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, රිෂාඞ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිය කැබිනට් ඇමතිධුරයන් හි දිවුරුම් දී ඇත.
අමීර් අලි සෙයිඞ් මොහොමඞ්සි හාබ්දන් කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේද අබ්දුල්ලා මහරුෆ් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අපේල් 21 සිදු වූ අන්තවාදී ප්‍රහාරය හා සම්බන්ධයෙන් රිෂාඩ් බුදුදීන්ට එල්ල වූ චෝදනා මත  අමාත්‍යදූරයෙන් ඉල්ලා ුඅස්වන ලෙසින් ඇති වූ ජනමතය හමුවේ රජය නියෝජනය කරන සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස් වුනි. එ අතුරලියේ රතන හිමියන් විසින්  ආරම්භ කල    මාරාන්තික උපවාසය හමුවේ ය.
 එහෙත්  මේ රටේ නායකයින්ට හෝ  වර්තමාන ආණ්ඩුවට කිසිදු හිරිකිතයක් නොමැතිව ඇතිවුනු සිද්ධියේ උණුසුම යන්නටත් පෙර බල තන්හාවේ උච්චතම ස්ථානයේ දී සලුපිල ඉරා දමා දේශපාලන නිරුවත රට හමුවේ ප්‍රදර්ශනය කරමින් ද මහ ජාතියට  කෝවොක් කරමින් මේ කල ක්‍රියාව විශාල අපහාසයක් ලෙසින් පෙන්වා දීමට කැමැත්තෙමි
 කෙසේ වුවත් මෙය  ආණ්ඩුව විසින් කරන ලද තවත් එක් දේශපාලන විගඩමක ආරම්බයත් ලෙසින් පෙන්වා දීමට හැකිය. 

No comments:

Post a Comment

Previous News