Pages

Saturday, August 17, 2019

ජන බලවේගයේ අපේක්ෂකයා, සජිත්ට සහ ගෝඨාභයට වඩා බුද්ධිමතෙක්

 ජනතා විමුක්ති පෙරමුණ මුලිකත්වයෙන්  තවත් පක්ෂ හා සංවිධාන 28ක් ඇතුලත්ව නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගයක් හරහා ඉදිරි ජනාධිපතිවරණයට  අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම අගෝ  (18) දින සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන රැළියකදීය. 
මේ පිලිබද පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කර ඇත්ත‍ේ සංඝයා වහන්සේලා, විද්වතුන්, කලාකරුවන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ  බලවේගයට එක්ව ඇති බවයි. ත්‍රයිනිකායික මහ නාහිමිවරුන් සහ ආගමික නායකයින්ගේ ප්‍රකාශ ද  ඇතුලත්ව අලුත් දේශපාලන නායකයෙක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරයි.  විනාශ වී ඇති  රට ඉදිරියේ වෙනස් යහපත් මාවතකට ගෙනයාම  සදහා මෙම නායකත්වයට ඔනෑවටත් වඩා සුදුසුකම් ඇති බව සදහන් කරයි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලක මන්ඩලයේ සාමාජිකයින් හෝ එහි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරින්  කෙනෙකු මේ සදහා නම් කරනු ඇතැයි විශ්වාස කල හැකිය.
හසල දේශපාලන අත්දැකීම් ඇති විශේෂයෙන්ම උගත් කමින් හා බුද්ධිමත් භාවයෙන් ඉහල පුද්ගලයෙකු මෙහි අපේක්ෂකයා වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංච් මාර්ග  සදහන් කරයි.
 මේ වන විට ‍ මේ රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන් ප්‍රධාක පක්ෂ දෙක කෙරෙහි දක්වන අප්‍රසාදය  හේතුවෙන්ම මෙම තුන්වන  විකල්පය  ඔවුන්ගේ ආකර්ෂණය දිනාගනු ඇත.
එමෙන්ම මෙම අපේක්ෂකයා විශේෂයෙන්ම අද වන විට වර්ථමාන දේශපාලන කරලියේ සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන අයට වඩා උගත් කමින් සහ බුද්ධිමත්භාවයෙන් ඉහල  අයෙකු බව විශ්වාසයෙන් සදහන් කල හැකිය'
wcenews

No comments:

Post a Comment

Previous News

Popular Posts