Pages

Sunday, August 18, 2019

ජන බලවේගයේ නියමුවා අනුර, ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ජයග්‍රහණ අවිනිස්චිත කරයි.



ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක ලෙස  අනුර කුමාර දිසානායක මහතා   නම් කර ඇත . එ, මේවන විට ගාලුමුවදොර පිටියේ දී පැවැත්වෙන රැලියේ දීය.
සිවිල්  සංවිධාන  සහ දේශපාලන පක්ෂ 28 කින් සමන්විත  ජාතික ජන බලවේගයේ  සදහා නායතක්වය ලබා දෙනුයේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ය.
 කෙසේ වෙතත් පවතින තත්වය අනුව තුන්වන පාර්ෂවයක අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තුල   කිසියම් අකාරයක හුදකලා සටනක්ලබා දීමට ඉදිරිපත් වුවහොත් මේ තෙවන පාර්ෂවයේ අපේක්ෂකයා විසින් ලබා ගන්නා චන්ද පදනම විසින්  පලමු ජයග්‍රහණය අවිනිස්චිත කරනු ඇත.  
 විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුනේ චන්ද පදනම ප්‍රධාන ධාරවේ අපේක්ෂකයින් දෙදෙනොටම විශාල බලපැමක් කරනු ඇත. මෙයින්  බෙරීමට නම් ප්‍රධාන ධාරවේ අපේක්ෂකයින් සුලු ජාතීන්ගේ සහය ලබාගත යුතුය. එහෙත් වර්තමානයේ රට තුල පවතින තත්වය මත සුලු ජාතීන්ගේ සහය ලබන අපේක්ෂකයා බහුතර සිංහල ජනයා විසින් ප්‍රතික්ශේප කරනු ඇත .
 එහෙයින් අනුර කුමාරගේ ආගමනය තුන්කොන් සටනක් නොව කේවල් කිරීමේ බලය මත යම් අපේක්ෂකයකුට   විලංගු දැමීමක් ලෙසින් විග්‍රහ කල හැකිය. එහෙත් එය ගෝඨාභය හෝ සජිත් නම් වන්නේ නැත.
මන්ද යත් මේ දෙදෙනා සමග ජනතා විමුක්ති පෙරමුණ නිසි විටෙක සන්ධාන ගත නොවීමයි. එසේ  නොවුන හොත් ඔවුන් හුදකාලා සටනක් දෙනු ඇත. එය තවත් අතකින් භයානක කාරණයකි. 
එහෙයින්ම කිව  යුත්ත‍ේ ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුනේ සහය මත ජාතිකවාදී නායකයෙකු ඉදිරිපත් වීමට නියමිතය. එහෙත් ඒ ගෝඨාභය හෝ සජිත් නම් නොවන්නේය.
චමින්ද ප්‍රිති කුමාර

No comments:

Post a Comment

Previous News

Popular Posts