Pages

Tuesday, August 6, 2019

වෙනස් අකාරයක නිර්මාණශීලී සමාජ කියවීමක්

වර්තමාන තාක්ෂණික ලෝකයේ කාර්යබහුල ජීවන රටාවකට හුරු වී සිටින මිනිසා තම ජීවින අත්දැකීම් අනෙතා හා බෙදා ගැනිමට අවස්ථාවක් නැත. එමෙන්ම ජීවිතය පිලිබද ගැඔුරු කියවීමක් ඇතිකර ගැනිමට ද උනන්දුවක් නැත. . එහෙයින්ම මතුපිට ස්පර්ෂ කිරීමක් සහිත එදිනෙදා ජීවිතයට මුහුණ දෙමින් මිනිසා (ලෝකයේ සෙසු රටවල මෙන්ම ශි්‍ර ලංකිකයින් ද ඇතුලත්ව) සිය ජීවන චර්යාව පවත්වාගෙන යයි.
විශේෂයෙන්ම වර්ථමානය .තුල ගැඔුරු සාහිත්‍ය කතිකා නොමැත.එමෙන්ම ඉහල ගුණාත්මක නිර්මාණ ද නොමැත. එහෙයින්ම තිබෙන තුමකකික් හෝ සෑහිමකට පත් වීමට සමාජයට සිදු වී ඇත්තේය. මේ හේතුවෙන්ම තවමත් මාටින් වික්‍රමසිංහ සරණ යාමට අපට සිදු වී ඇත්තේය. පැරනි දේ අගය කරමින් වර්ථමාණය ඒ දෙසට කැදවාගෙන යමින් අතීතයම වන්දනා කිරීමට පෙලබී සිටින්නේය.

තවත් පිරිසත් පිරිසක් මේ කිසිවත් නොදැක ඉබාගාතේ යමින් දකින සෑම දේම වැලද ගනිමින් සිටී .එහෙයින්ම මේ අදුරු තාලපරිච්චේදය බල උමතුවෙන් පෙලෙන්නනට ඉතා වටිනා වැඩබිමත් බවට වර්තමාන සමාජය පත් වී සිටින්නේය
කෙ‍‍සේ වුවත් මේ තත්වය ඉවසනු බැරිම තැන අවධි වීමට සිතුවෙමි. පාඨකයින්ගේ මනසට සහ නවීන තාක්ෂණයට උචිත අයුරින් ද එමගින් බිහි වී ඇති මාධ්‍ය හරහා අලුත් කිර්මාණාත්මත පෙළඔ වීමක් ඇසුරින් සමාජය අවධි කිරීමට සිතුවෙමි.
දශක දෙකකට වඩා ක්ෂත්‍රයේ ලැබූ අත් දැකීම් ද දැනුමද ඇසුරින් ඉදිරිපත් කර ඇත්තේ නිර්මාන අතලොස්සකි. ප්‍රතාශයට පත් වී ඇති නිර්මාන වලට වඩා නිවසේ රාක්ක මත නිදහසේ දිවි ගෙවන නිර්මාන බහුලය.
‍මේ කිසිදු ශෛලීයකට හෝ සැකැස්මතට ගොනු කල නිර්මාණ නොවන්නේය. හැගීම් සහ විදීම් මත පමණකින් ගොනු වන අදහස් පමණිි.
චමින්ද ප්‍රිති කුමාර

No comments:

Post a Comment

Previous News

Popular Posts