අපි කවුරුත් මනසිකව සතුටින් ජීවත් වීමට කැමති මිනිසුන්ය. එහෙත් භොතික ලෝකයේ ජීවත්වන මිනිසුන් විසින්ම අපේ සතුට උදාර ගන්නේ නම්, අප එයට එරෙහි විය යුත්තේ කොන්දේසි විරහිතවය.
මේ මහපොලොවේ ජීවත්වන සැම සියලු ජීවියෙකුම ස්භාවධර්මයට අනුව එක සමාන වනවා සේම, මිනිසුන් ලෙසින් අපි සියලු දෙනාම එක සමාන විය යුතුය. එය මානව සංහතියටම සර්ව සාධාරණ සංකල්පයකි. කිසියම් අයෙකුට මෙම සංකල්පයෙන් බැහැරව වෙනත් විකල්පයක් ඉදිරිපත් කිරීමට අවකාශ නැත.
ඊට මෙහායින් තිබෙන සියලුම මතවාද සහ සංකල්ප ආත්මර්ථකාමීත්වය මත නිර්මාණය වුවා මිස ඉන් එහාට දෙයක් නැත. මෙය සමාජවාදය ලෙස විග්‍රහකල හෝ නොකලා,එහෙත් සත්‍ය මෙයයි.
තව දුරටත් කෙටියෙන් කියනවා නම්, මේ මොහොතේ මේ රටේ මිනිසුන් ලෙසින් කොන්දක් ඇතුව ජිවත් වීමට ඔබට මානසික සහ කායික ශත්කියත් ඇතිකර ගැණිමට අවශය නම්, ඔබ තවත් අයෙකුගේ වහලෙක් හෝ ගැත්තතෙක් නොවිය යුතුය.
එමෙන්ම මෝඩ අමන තකතීරු ලෙසින් හැසිරෙමින් භාෂාවේ වචන වලට ද නින්දා කරමින් හැසිරෙන පංචස්කන්දයන් අසල දනින් වැටී හැකිලෙනවා ද සිතන්න!
එසේ විමට ඔබට මානසික ශක්තියක් ඇතිකර ගැනිමට නොහැකි නම් ඔබ සෑබෑ බුද්ධිමතෙකි.එ තුල කුහකත්වය ඊර්ෂියාව නැත. එහෙත් යමෙකුට එසේ ඔබව පෙනේ නම් දුෂ්ඨියේ දෝෂයක් මිස ඔබ තුල පවතින තත්වයක් නොවේ.
විශේෂයෙන්ම ඔබ බෞද්ධයෙකු නම් බුදුන් පිලිබද ගැඹුරු හැදෑරිමක් ඇත්නම් සැබැ මානවවාදී සංකල්පයේ නිර්මාතෘවරයා කවුද යන්න අවබෝධ වනු ඇත.
කෙසේ වෙතත් මේ සදහා ඔබ සහතික ලත් උගතෙක්ම විය යුතු නැත. එහෙත් මේ පවතින තත්වය යටතේ එසේ තිබීම අභරණයක් බව කිය යුතුය.
එමෙන්ම සමාජයට නායකත්වය ලබා දීමට ඇපකැප වෙන්නන්ට ද එසේම මනා පොර්ෂයක් තිබීම මෙන්ම විකෘර්කි මානසික ගති ලක්ෂණ ද නොතිබිය යුතුය. ඔහු ද අප වැනිම මනුෂයෙකු විය යුතුය . එහෙයින්ම එසේ වන බව මෙන්ම වී ඇති බවට ප්‍රයෝගිකව මිනිසුන් වන අපට එය පසක් විය යුතුය.
ඔබට ජීවත් වීමට ජීවිතය පිලිබද දැක්මක් ඇතිකර ගැණිමට හැකි නම් සමාජයයේ විකෘර්ති තත්වයන් ඇතිවන එක වැලැක් වීම සදහා මැදිහත් වීමට අයිතියක් ද තිබේ.
එ වෙනුවෙන් සෘජුව මෙන්ම වක්‍රව ද පෙනී සිටින්න! එය ඔබට ඇති අයිතියකි.
ජේ ,වී, පී නමට ඔබ බිය නොවන්න! කිව යුත්තේ එපමනයි. තීන්දු තිරණ ඔබ සතුය. මන්ද මා එසේ කියනුයේ මාගේ අමන්ත්රණය උගතුන්ට සහ බුද්ධිමතුන්ට පමනි , එය සැබැ බුදුන්ගේ දර්ශනයේ ද තේමා පාඨයයි
මෙය ඔබේ දැනගැනිමට පමනි. සැගවීම, වංචා කිරීම, අනෙකා මුලා කිරීම, මනසක් නැති හිස් මිනිසුන් වීමේ පාප කර්මයට හසුවන්නා වූ ක්‍රියාවකි.
▪️සම්පූර්ණ නම - අනුර කුමාර දිසානායක
▪️උපන් ගම - ගලේවෙල, දේවහූව
▪උපන් දිනය - 1968 නොවැම්බර් 24
▪️ප්‍රාථමික අධ්‍යාපනය - තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලය
▪️ද්වීතික අධ්‍යාපනය - තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලය
(අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.)
(අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.)
▪️උසස් අධ්‍යාපනය - 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අනුර කුමාර දිසානායක 1995 දී තම උපාධිය ලබාගත්තේය.
ශිෂ්‍ය දේශපාලනය:
▪️1987 ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂ වසරකි. ඒ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබූ වසර වීම නිසාය.
▪️එම අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක පාසල් ශිෂ්‍යයකු ලෙස 'සමාජවාදී ශිෂ්‍ය අංශයේ' වැඩ කටයුතු හරහා දේශපාලනයට සම්බන්ධ වෙයි.
▪️1997 දී 'සමාජවාදී ශිෂ්‍ය සංගමයේ' ජාතික සංවිධායක ලෙස පත්වෙයි.
▪️එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්වෙන අනුර කුමාර දිසානායක 1998 දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට තේරී පත්වෙයි.
ක්‍රියාකාරී දේශපාලනය:
▪️1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.
▪️වසර 2000 දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි.
▪️2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය සැපයීය.
▪️2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව 'එක්සත් ජනතා නිදහස් සන්ධානය' පිහිටුවා ගත්තේය.
▪️එම වසරේ පැවති මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
▪️සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
▪️2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් තෝරා ගැනිණි.
▪️2010 මහ මැතිවරණයට අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
▪️2015 අගෝස්තු මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරමින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
▪️2015 සැප්තැම්බර් 3 වෙනිදා සිට 2018 දෙසැම්බර් 17 වෙනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද අනුර කුමාර දිසානායක කටයුතු කළේය.
ජවිපෙ නායකත්වය:
2014 පෙබරවාරි 2 වෙනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණ හත් වන ජාතික සම්මේලනයේදී එම පක්ෂ නායකත්වය අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගනු ලැබුණි.
උපුටා ගැණිමක් පමණි
චමින්ද ප්රිති කුමාර
No comments:
Post a Comment