Pages

Monday, August 26, 2019

කිසිම පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට පැහැදිලි ජන රැල්ලක් නිර්මාණය නොවීමේ ප්‍රවණතාවයක් අති වන්න‍ේ ඇයි?



මේ ගෙවෙන්නේ දේශපාලන සංක්‍රන්තික සමයකි. පෙර කාල වකවානු හා සමගාමීව සිතා බලද්දි ඉදිරියට   පැමිනෙන්නේ අතිශය තීරණාත්මක  සහ සංවේදී කාල පරිචාච්දයකි.එසේ  කියනුයේ  මෑත අතීතයේ  ශ්‍රි ලංකා‍වේ දේශපාලන සංස්කෘතියේ උච්චාවචනයන් පිලිබද අධ්‍යනයකින් පසුවය. 2020 ජනාධිපතිවරණය යනු, 2015 හෝ 2010 මෙන්ම 2005 මැතිවරණය ද නොවන්නේය.
එසේ කියනුයේ වර්තමාණයේ පවතින සමාජ චින්තවා මෙන්ම ආර්ථික දේශපාලන, සංස්කෘතික වටපිටාවන් සැලකිල්ලට ගෙනය. විශේෂයෙන් මැත ඉතිහාසය තුල  ශ්‍රි ලංකාවේ මුස්ලිම් මුලධර්වාදයේ ව්‍යාප්තිය පිලිබද අභ්‍යන්තරයේ තොරතුරු තිබුනත් එය එලිපිට දැකිය නොහැකි විය.  එය වසා දේශපාලනය කිරීමට දේශපාලකයින්ට හැකි විය. කෙසේ වුවත් අප්‍රේල් 21 සිද්ධියෙන් පසු මේ වන විට මේ ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම නිරාවරණය වී ඇත්තතේය.
එහිදී සාම්ප්‍රදයික සිංහල සමාජයේ බුද්ධිමත් බහුතර මධ්‍යස්ථ  මතධාරී ද  ග්‍රාමීය ජනතාවද මේ කාරණයේ දී පැහැදිවම තැතිගත් සැකමුසු අදහසකින් සිටින්නේය.ඔවුන් මේ වැරුද්ද සම්පුර්නයෙන්ම දේශපාලන අධිකාරිය වෙත බැර කර ඇත. එ අනුව  සාධාරණ සැකයකින් තොරව සමස්ත  මුස්ලිම් ප්‍රජාව දෙසම බලනුවේ අන්තවාදීය යන ආකල්පයෙන්ය. මේ කාරණය  තේරුම් ගෙන බොහෝ සීරු මාරුවෙන් දේශපාලන ය කිරීමට ඉදිරියේ දී දේශපාලකයින්ට සිදුවනු ඇත. මන්ද තවමත් මේ රටේ බහුතරය සිංහල වන හෙයිනි.කෙසේ වුවත් මේ තත්වය මේ වන තෙක් මේරටේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් කිසිවෙකු තේරුම් ගෙන නැත.

එහෙයින්ම මේවන විට තවමත් ඉදිරි ජනාධිපතිවරණය පිලිබද ප්‍රධාන පක්ෂ විසින් සිදුකරන්න‍ා වූ ප්‍රචාරණයන්ගෙන් ජනතාව අතර උද්යෝගයක් ඇති කිරීමට හැකියාව ලැබී නැත. මේ සදහා හේතු රාශියක් ඇත. මේ හේතුන් දේශපාලන ව්‍යාපෘති දියත් කරන්නාවුන් හොදින් දකී. එහෙත් නොදන්නා පරිදි ජනතාවට අමතක වී ඇතැයි සිතා සුපුරුදු පරිදි හැසිරේ.
                        විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ සිය සාම්ප්‍රදායික ප්‍රචාරණ රටාව ‍වෙත සුපුරුදු පරිදි යොමු වී කටයුතු කරන අකාරය මේ දිනවල දැකිය හැකිය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන එම සදහා දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කරමින් කලාන්තරයක් තිස්සේ ක්‍රියාකරමින් සිටී.2018 පොදු ජන පෙරමුන ප්‍රදේශිය  සභා ජයග්‍රහණය කිරිමත් සමග මෙය වේගවත් ලෙසින් ඉදිරියට යාමක්  පෙන්නුම් කලේය. එසේම අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු  එය තමන්ට ලැබුනු උත්තේජනයත් ලෙසින් සිතා මේ අය කටයුතු කලේය. එහෙත් ඔවුන් බලාපොරාත්තු වූ ජනතා අකර්ෂනයක් ඔවුන් වෙත ග්‍රහණය කර ගැනිමට මේ වන තෙක් හැකියාවක් ලැබී නැත.
අවසානයේ දී අගෝ 11 වෙනිදා ගෝඨාභය අපේක්ෂකයා කලේය. එහෙත් මේවන විට ඔවුන්  බලා‍පොරොත්තු වූ  ජන රැල්ල නිර්මාණය වූයේ නැත.පොදු ජන පෙරමුණ 2018දී ප්‍රදේශිය සභා ජය ගැනිමට මුලික වූයේ වර්තමාණ  අණ්ඩුවේ දුර්වල කමට වඩා,  මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයයි. ඔහුට සාධණයක් කිරීම මිනිසුන්ට උවමනා විය. එය ඒ අයුරින් සිදු විය.
 ඉන්පසු ඔක් 26 ආන්ඩු මාරුවෙන් යලි මහින්ද බලයට පැමිනියා යන උද්යෝගය මිනිසුන් තුල ඇති විය. කෙසේ වුවත් එයද දියාරු වී  ගියේය. මෙය  එතෙක් පැවැති පීඩනය පුපුරුවා හැරිමක් ලෙසින් මෛත්‍රිපාල ජනාධීපතිවරයා විසින් සිදුකලා විය හැක. මන්ද යත් එ වන විට පැවැති තත්වය අනුව පවතින ආන්ඩුව තමන්ට එරෙහි වන විට පැරනි මිතුරා සතුරා වුවද ඔහුගෙන් මැරුම් කෑම සැපයැක් යැයි සිතන්න ඇත. වර්තමානයේ ද ජනාධිපතිවරයා ගේ මතය ද එසේය.
 අනෙක් අතට   කූඩැල්ලා එල්ලුනාම ලේ බී අවසානයේ  විනාශ  වන්නා සේ වර්තමාණ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව කල හැකි සියලුම දේ සිදු කරනුයේ කොහෙන් හෝ තව දුරටත් ඉදිරියට යා හැකි මාවතක් පැදේ වී වන විශ්වාසයෙන්ය. එසේ වුවත් එවැනි ගමනකදී තම අභ්‍යන්තරයේ සමගිය පවත්වා ගෙන යාමට මේ වන විට ඔවුන්ට හැකියාව ලැබී නැත.බොහෝ විට ඒ තුලින්ම ඔවුන්ගේ අවසානය ද ලගා වනු ඇත.එය  කෙසේ වුවත් මේ පවතින තත්වය අනුව එක්සත් ජාතික පක්ෂය  අලුත් නායකත්වයක් යටතේ ඉදිරි කාලයේ දී විපක්ෂයේ  සිටිනු දැන ගත හැකිවනු ඇත.
අනෙත් අතරට සුපුරුදු පරිදි ජනතා විමුක්ති පෙරමුනේ භුමිකාව යල් පැන ගිය තත්වයක් දැකිය හැක. මේ අය මේ වනවිට තිරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත.මෙහිදී ඔවුන්ට සිදුවනුයේ ලෝක ප්‍රවණතා සමග යවත්කාලින වනවා ද එසේ නොමැති නම් සාම්ප්‍රදායික බෙරපද වලින්ම නැවතත් මිනිසුන්ට වයනවා ද යන්නයි. කෙසේ වුවත් මේ වන විට  සාම්ප්‍රදායික වමාංශික න්‍යායන් වර්ථමාණ සමාජ ක්‍රමය සමග ගැලපීමට නොහැක. එහෙත් ඔවුන් පසුගිය දිනවලදී  කලේ  තම කාඩරය ගෝප්පේස්  පිටියට ගෙන්වා අපේක්ෂකයෙකු නම් කිරීමයි. එහෙත් එය 1999 දී නන්දන ගුණතිලක  චන්දයට  ඉදිරිපත් කිරීම තුලින්  ලබාගත් චන්ද ප්‍රතිශතවට වඩා ටිකක් ඉහලට යනු ඇත. මේ අනුව දේශපාලන ව්‍යපෘතීන් සහ ක්‍රමවේදයන් වලට නායකත්වය ලබා දෙන පක්ෂ නායකයික් තේරුම් ගත යුත්ත‍ේ පවතින තත්වය මත   දිනෙන් දින වෙනස් වන ගෝලීය ප්‍රවනතාවයන්ය.
මන්ද යත්  දැන් පවතින්නේ දුපත් මානසිකත්වයෙන් මිනිසුන් කොටුකර තැබිය හැකි යුගයක් නොවන්නේය. එ අනුව කාලීනය වෙනස් වන උච්චාවචනයන්ට හැඩගැසිය හැකි අලුතින් සිතන්න අලුත් සිතුවිලි එක් කරන්නන්ට හැකි වුන්ට ඉදිරියේ දී මේ මහ පොලොවේ ජය කනු වෙත ලගා වීමට හැකි වනු ඇත.
එමෙන්ම  එසේ සිතන්නා උන්  පක්ෂ නාම නොව අවංක බව පෙරට ගෙන සෘජු බව තුලින් ජනතාව කෙරෙහි සැබෑ ආදරයකින්  ජාතිමාමක හැගීමනික්  ඉදිරියට යා යුතුය, එවැන්නෙකුට මිනිසුන් ආකර්ෂණය වනු ඇත. එසේ නොවී  ගෝඨා, සජිත් හෝ අනුර කුමාර වැන්නන්  ඉදිරි  දියුණු තාක්ෂණි ලෝකයේ කෙසේ ප්‍රයෝගික වන්නේ ද?
අනෙක් අතට විශේෂයෙන්ම කිවයුතු වන්නේ මේ රටේ 70% සිංහල බහුතර ජනතාව  මේ දේශපාලන ධාරාව සමග උරෙන් උර ගැටෙමින් මතවාද හැල හැප්පීම් සමග ඉදිරියෙන් සිටින්නේය.සෙසු සුලු ජාතින් එසේ නෙවන්නේය. ඔවුන් තම ආගමික මතවාද, මෙන්ම ජාතිය ද මුලික කර ගනිමින්  සිය දේශපාලක තින්දු තීරණ ගැනිම සිදුකරයි. ඔවුන්ට  කිසි සේත් ස්වාධීන මතයත් දැරීමේ අයිතියත් නැත. එසේ සිටින්නේ  නම් එය 5% පමණි.  මුස්ලිම් ප්‍රජාව තුල ඔවුන්ගේ කාන්තාවන්ගේ දේශපාලනය අතිශය නොමේරූ තැනක පවතින්නේය.එමෙන්ම බහුතර පිරිමින් පල්ලියේ  ලෙබ්බේ කිය දේ කරන අතර  ලෙබ්බේ ආගමට පක්ෂපාතී දේශපාලනයක නිරත වන්නේය. එමෙන්ම දෙමල ජනතාව මේ කාරනයේදී මීට වඩා සුලු වශයෙන් වෙනසක් තිබේ. පහුගිය කාලයේ ප්‍රභාකරන්ගේ තුවක්කුවට යට වී සිටියාවුන් මේ වන විට එම මානසිකත්වයෙන් වෙනස් වී ඇත. එහෙත්  ජාතීවාදී දේශපාලකයින් ඔවුන්ට එසේ වීමට ඉඩ ලබා දෙන්නේ නැත. එසේ වුවත් ඔවුන්  උතුරේ තම දෙමල නිජභුමිය වෙනුවෙන් දේශපාලනයක යෙදේ.
 මේ තත්වය  තුල මේ අය හොදින්ම දන්නා කරුනක් වන්නේ සුලු ජාතියේ හෝ ආගමේ අයෙකුට තව අවු 50 කින් වත් මේ රටේ ජානාධිපති  විය නොහැකි බවයි. එහෙයින්ම ඔවුන්ට මහ ජාතියේ විශේෂ අපෙක්ෂකයෙකු උවමනා නැත.අවශ්‍ය වන්නේ තමන්ගේ ඉල්ලිම් අනුව ක්‍රියාකරන්නෙකු පමනි. 
එහෙත් දකුනේ  සිංහල මිනිසුන් එසේ ‍නොවන්නේය ඔවුන්  සක්‍රිව දේශපාලන සත්වයෝය. ඔවුන් මේ සියලු විදීම් විදවීම් දරගෙන සිටින්නේය.දේශපාලනයක් කූඨබව, සාර්ථක අසාර්තකත්වයන්  හොදින් දණී. එමෙන්ම එවාට  සංවේදීය. එහෙයින්ම ඔවුන් තීරනාත්මක සාධකය බව තේරුම් ගත යුතුය. දුප්පත් අහිංසක ගොවියා ද මාධයම පාන්තික රජයේ සේවකයා ද ඉහල සිට පහලට නියෝජනය  කරන්නේ  සිංහල බහුතරයයි.මේ අය තුල මේ වන විට පවතින දැඩි කලකිරුනු  ප්‍රවණතාවය සක්‍රීය දේශපාලකයින් හොදින් තේරුම් ගත යුතුය. මේ වන විට මේ අයගේ උද්යෝගය සහ උනන්දුව ප්‍රචාරණ ක්‍රම මගින් ඉහල දැමීමට නොහැකි වී ඇත. 
 විශාල ප්‍රචාරක ව්‍යාපෘති දින කිහිපයකින් දියාරු වී යන්නේ මේ හේතුවෙන්ය.මේ අය සැබැවින්ම වර්තමාන සමාජයේ  මිනිසුන් තුල පවතින  සැබැ හර්ධ සාක්ෂිය සවිඥානික අයුරින් හදුනා ගැනිමට අසමත් වී සිටී. එහෙයින්ම මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සදහා පැහැදිලිව විශ්වාසයකින් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ද සෑම දේශපාලන පක්ෂයක්ම අසමත් වී ඇත. ඉදිරියට ද මේ අර්බුදය  මේ අයුරින්ම පවතිනු ඇත.එහි කුඨප්ප්‍රප්තියේ දී බොහෝ දෙනෙකු  තම දේශපාලන ජීවිතය විනාශ වන්න‍ේ  සුනාමියක් පැමිනිම හා සමාන ලෙසින්ය.

චමින්ද ප්‍රිති කුමාර

No comments:

Post a Comment

Previous News