Pages

Monday, August 19, 2019

හිටපු ජනාධිපතිනියගේ මෙවර උත්සහය ද රාජපක්ෂවරු පන්නා දැමීමයි.

      ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට විනය  ක්‍රියාමාර්ග නොගෙන සිටියත් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂයේ නායකකම බාරගෙන ඇත. එහෙත් මහින්ද පාර්ලිමෙන්තුවට පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය.
 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රිවරු ද සෘජුව හෝ වක්‍රව මේ වන විට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇත.  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මරාගෙන පොහොට්ටුව ඉදිරියට පැමිනෙන්නේ මව් මරා උපන් කුමරා ලෙසින්ය.
 මහින්ද හැදී වැඩී ජනාධිපති තනතුර දක්වා ගමන් කර පසුව ඉනිමගට පයින් ගැසුවා සේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පැත්තකට විසිකර තමන්ගේ පවුලේ පක්ෂයක් පිහිටුවාගෙන එ අනුසාරයෙන් පක්ෂිකයින්ද තම පැත්තට නැඹුරු කර ගෙන සිටී.මහින්ද ආකර්ෂනිය චරිතයක් බව සත්‍යකි. නමුත් මේ  සිදුවන ක්‍රියාකාරකම්  බැලු බැල්මටම සර්ව සාධාරණ නැත.

 චන්ද්‍රිකා මුල සිටම මහින්දට අසාධාරණයක් සිදුකල බව රහසක් නොවේ. එහෙත් මහින්දගේ පාලන කාලයේ ඔහු විසින් චන්ද්‍රිකාට ද කල කොනහිලිකම් අපමනය. එය  දරාගෙන  වසර 08 පමණ චන්ද්‍රිකා ඉවසා සිටියේය. ඉන්පසු ඇය අවස්ථාව ලද සැනින් මහින්දට යලි පහර දී  ඔහුව නොරපා දැමුවේ මෛත්‍රි නැමැති  මහින්ද අසලම තිබූ ආයුධය භාවිතා කරමින්ය.
2015 දී මහින්ද පරාජය වුවත් පසුගිය වසර 5 කාලය තුල ඔහුට තීබූ ජනතා ප්‍රසාදය අඩුවක් නොවුනි.එම අකාර්ෂණය යලි භාවිතා කරමින් බලයට එමේ පෙරමග සලකුනු පෙනෙන විට  චන්ද්‍රිකා යලි අවධි වී එයට එරෙහි වන තත්වයක් මේ වන විට දකින්නට ලැබේ.

විශේෂයෙන්ම මහින්දගේ ජනප්‍රසාදය භාවිතා කරමින් පෙරමුනේ පසුවන ‍ ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා ලෙසින් මේවන විට පෙරමුනේ සිටී. එහෙත් ඔහුගේ අපේක්ෂකත්වය හමුවේ ගැටලු රාශියක් ද පවතී.  මේ තත්වය මත පසුගිය දා මහින්දවාදී පෙරමුනේ සිටී, කුරුණැගල දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මන්ත්‍රිවරයාගේ හදිසි අභාවය හේතුවෙන් හිස් වූ මන්ත්‍රි අසුන ශන්ත බන්ඩාරට හිමි වන්නට තිබුණි එහෙත් ඒ වන විට ඔහු  ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.
 කෙසේ වුවත් මේවන විට ඔහු ඉන් ඉවත් වී ඇත. එහෙත් ලැයිස්තුවේ ඊලග කෙනා ලෙසින්  ඔහුට යලි පාර්ලිමෙන්තුවට පැමිනිමේ  බාධාවක් ද තිබෙන බව පැවැසේ. එ අනුව මේවන විට ශාන්ත බණ්ඩාරගෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය  හිස්ව පවතී. එ  සදහා  චන්ද්‍රිකා කුමාරතුංග  හිටපු ජනාධිපතිනිය දිවුරැම් දීමට සුදානමක්  පවති.
 මේ බව දේශපාලන ආරංච් මාර්ග වලින් අනාවරණය වෙයි. එසේ වුවහොත් මේවන විට විපක්ෂ නායක ධුරය හිමිව තිබිය දී වෙනත් පක්ෂයක නායකත්වයක් හෙබවීම මත මහින්ද රාජපක්ෂ  මහතාට එය අහිමිව ගොස් ඒ වෙනුවට චන්ද්‍රිකා කුමාරතුංග පැමිණිමට නියමිතව ඇත්තතේය.
 එසේ වීමට මූලික හේතුවට වන්නේ පෙහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරකම්ය. එමෙන්ම මේ වන විට ජනතාව අතරින් දුරස්වෙමින් පවතින ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බේරා ගැණිමද විය හැකිය. ඒ අනුව මෙය යලිත් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංගගේ අලුත්ම උපායක් ලෙසින් පෙන්වා දිය හැකිය.
 මේ සදහා  වර්තමාන පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර ද මුලික වී ඇති බව පෙනෙන්නට  තිබේ. එමෙන්ම ඒ හරහා නැවත මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අපේකෂකයා වී සජිත් එක්සත් ජාතික පක්ෂයේ අපේකෂකයා ලෙසින් තබාගෙන ඔහුට අගමැති ධූරය  පිරිනැමීම මත මැතිවරණයට යාම විශේෂයෙන් චන්දිකා කුමාරතුංග මහත්මියගේ සහ සෙසු ශ්‍රිලනිපයේ ද අපේක්ෂව විය හැක.
මෙහි එක් පියවරක් ලෙසින්  සජිත්ට අගමැති ධුරය ලබා දීමට මේවන විට වෙනත් මාර්ගයකින් සාකච්චා වෙමින් පවතී.එමෙන්ම අනෙක් අතට  පොහෙට්ටුව සමග ද  පවතින සාකච්චාවේදී  ශ්‍රිලනිපය  
 සම දායකත්වය ඉල්ලා සිටී. එය  කේවල කිරීමක් මත සිදුකරයි. ඒසේ කරනුයේ මෙහි යටි අරමුන සගවාගෙනය.අනෙක් අතට පෙහොට්ටුවේ ආපේක්ෂකයාට   ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව තනිව ජයග්‍රහණය කල නොහැක. එමෙන්ම එ සදහා අනෙකුත් වාමාංශික පක්ෂවල සහයෝගය ද අවශ්‍ය වන්නේය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ මින් විශේෂයි. මේ කාරණා මත ඉතිහාසයේ ජනාධිපතිවරුන් බිහි වූ   බව ද නොරහසකි.  
 අනෙත් අතට මේවන විට එක්සත් ජාතික පක්ෂයේ පවතින අභ්‍යන්තර ආරවුල කුමණ අකාරයෙන් විසදුන ද ඔවුන්ගේ අපේක්ෂකයාට සිදුවන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර හියොත් අඹු නසී  කියමනේ සිර වීමටයි. 
 එසේ විමට මූලික හේතු අප්‍රේල් 21 සිද්ධියයි විශේෂයෙන් සුලු ජාතික මුස්ලිස් චන්ද වලට කෑදර වී ඔවුන් පසුපස  යන කිසිදු අපේකෂකයෙකුට හෝ කණ්ඩායමකට  මෙවර මැතිවරණයේ ජයග්‍රහණය නොලැබෙන බව නියතයි.
මෙය කුමන කෝණයකින් විග්‍රහ කලත්  ඉදිරි කාලය ශ්‍රි ලංකාවේ දේශපාලන තලය අතිශය තිරණාත්මක වන බව පැහැදිලිව කිව හැකිය. එය මතුපිටින් පෙනෙන ස්වරැපය නොව, අභ්‍යන්තරයෙන් ක්‍රියාක්මක වන්නේ ඊට හාත්පසින්ම වෙනක් තත්වයකි. එහෙයින් ඉදිරි  දිනවල චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් වී ඉන්පසු විපක්ෂ නායිකාව  බවට පත්වුවද එය ද පුදුම සහගත නොවනු ඇත.‍

චමින්ද ප්‍රිති කුමාර

No comments:

Post a Comment

Previous News

Popular Posts