Pages

Friday, August 23, 2019

රනිල් - සජිත් ගල උඩ සටන එළිපිටම - ජය -පරාජය ආසන්නයේ


ඊයේ දිනයේ අගෝ (23) සජිත් වෙනුවෙන් මංගල සමරවීරගේ  නායකත්වයෙන් පැවැති දෙවන රැලිය අති සාර්ථන බව බැලු බැල්මටම පෙනෙන්නට තිබේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බල කනු දෙකක් වන හරින් සහ මංගල, සජිත් සමග එකට සිටගෙන සිටින්නේ කිසියම් හෝ ජයග්‍රහණයක සේයාවක් හෝ දැනගෙන බව විශ්වාස කල හැකිය. 
 කෙසේ වුවත් මේ වන  විට රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා  සුපුරුදු පරිදි සිය උපාය උපක්‍රම භාවිතා කරමින් යටි බිම්ගත විප්ලවයක් ආරම්භ කර ඇත.
 එහෙත් එය ‍ මේ පවතින තත්වය අනුව  කෙතරම් කාලයන් අල්ලාගෙන සිටිය හැකි දැයි සැකයක් පවති. අනෙක් අතට මේ අකාරයට මහජනතාව තුලප්පු කර කොටස් දෙකකට බෙදී අවසානයේ සියල්ල එක් වී එක ගමනක් යාමට ද හැකියාව ඇත.  මන්ද යත් රනිල් වික්‍රමසිංහ යනු එවැනි පුද්ගලයෙකි. ඔහු උපාය උපක්‍රම තෝරන්නේ ඉහල මානසිකත්වයකින්ය. එ ඔහුගේ ස්භාවයයි. ඔහුට ගැලරියේ ආකර්ෂණය නැත. එහෙත් උපායශීලි බුද්ධිමතෙකි. නිදහස් මතධාරින් ලෙස අපට එසේ කීමට අයිතියක් ඇත. අප කිසි දිනෙක කිසියම් හෝ පක්ෂ දේශපාලන මඩගොහුරක බැස නැත. ඉදිරියටත් එසේය. එහෙයින් අප ලියන කියන මතවාද හෝ පෙන්වා දීම් කිසිවෙකුට  කඩේ යාමක් නොවන්නේය.

 කෙසේ වුවත්  අවසන් මොහොතේ අමුතුම අකාරයේ මැජික් එකක් ඉදිරියට දමා පාක්ෂිකයින් උද්දීපනය කර විපක්ෂයේ කොටස් ආත භුත කර මේ දෙන්නා එක් වීමට ද  ඉඩ තිබේ. තම අපේක්ෂකත්වය දෙවතාවක්ම පක්ෂයෙන් පිය අයට ලබා දුන් රනිල්ට මෙය සජිත්ට පැවැරීම එතරම් අමාරු නැත. එය උෘව පලාත් සභාව පැවති සමයේ ද සිදුවිය. මහින්දගේ ආණ්ඩුවට මරාන්තික ප්‍රහාරය එල්ල කල අවස්තාවේ දී ද මෙවැනිම අකාරයේ වැඩපිලිවෙලක් දියත් විය. කෙසේ වුවත් සත්‍ය වශයෙන්ම රනිල් සජිත් විරසකයක් පවතී . එය ව්‍යජයක් නොවේ එහෙත් එය දේශපාලනයේ දී පමණි. කෙසේ වුවත් මේ මොහොතේ මාධ්‍ය මෙන්ම බලා සිටින්නන් ද ඇන් දී ඇතැයි සිතිය හැක.


 අනෙක් අතට  ඊයේ සිකුරාදා අගෝ (23) දින මාතර රැස්වීම සජිත්ගේ මුලිකත්වයෙන් පැවැතිය ද, අගමැති රනිල් අරලිය ගහ මන්දිරයේ පාක්ෂික මන්ත්‍රිවරුන්ට වෙනම භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. කෙසේ වුවත් මාතර ගිය අයද එයට  සහභාගී වී තිබේ. 
එහිදී පක්ෂය දෙකඩ කරන්න උත්සහ කරන අයට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසින් අගමැති රනිල් දන්වා ඇත.  මේ මොහොතේ සියලු දෙනා එකරාශි වීම වෙනුවට  දෙපාර්ෂවයක් ලෙසින් පක්ෂයේ නිතිරිති වලට පිටින් යමින්  විනය විරෝධි ක්‍රියාකාරකම් සිදුකරනවා නම්  ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව පවසා ඇත.
ඒ කෙසේ වුවත් මෙහිදී සජිත් පාර්ෂවය විසින් සිදුකරන්නා වූ මෙම ක්‍රියාව අගමැති රනිල්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.
කෙසේ වුවත් සජිත් හෝ රනිල්ට මැතිවරණ පරාජය වී විපක්ෂයේ අසුන් ගැනිමේ උවමනාවක් නැත. එහෙයින්ම මෙය  සැබෑ තාත්වික ගල උඩ සටනක් ද එසේ නොමැති නම්, චිත්‍රපටයක දර්ශන වෙනුවෙන් සිදුකරන්න‍ා වූ ව්‍යාජ රගපෑමක් ද යන්න නොබෝ  දිනකින් දැක ගතහැකි වනු ඇත.
එදිනට පැවැතියේ සැබැ සටනක් නම් එක් අයෙකු සිටින්නේ ගලෙන් පහල ප්‍රතාපයේ ය. අනෙකා ගල උඩ ජයග්‍රහණය කර ඇත. එසේ නොවන්නේ නම් දෙපාර්ෂවයම ගල උඩට වී  ජය පැන් බොමින් උජාවේන් ජනතාවට කෝචොක් කරනු ඇත . එ පහල සිටින අපටය.

චමින්ද ප්‍රිති කුමාර

No comments:

Post a Comment

Previous News

Popular Posts